වර්තමානයේ ගූගල් ඇඩ්සෙන්ස් ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තකි.. මෙයට ප්‍රධාන වශයෙන්ම භාෂා ගැටළුවද බලපායි.. නමුත් ශ්‍රී ලංකාවට ඇඩ්සෙන්ස් ලබා නොදේ යන්න මිත්‍යාවක් ලෙස මම බැහැර කරමි. මෙහි දක්වා සිටින්නේ ඔබ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන්නේ නම් සම්පූර්ණ කර තිබිය යුතු කරුණු කිහිපයකි..
1. ඉවසීම - ඉවසීම නැත්නම් අන්තර්ජාලයේ මුදල් උපයන්න හිතන්නවත් එපා..
2. සයිට් එක ඉංග්‍රීසියෙන් හදන්න - සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැහැ.. හැබැයි ඉංග්‍රීසි සයිට් එකක වාක්‍යයක් දෙකක් සිංහලෙන් තිබුණට අවුලක් නෑ.. 80-90% වැඩියෙන් කඩ්ඩ අනිවාර්යයි. (මේකට හේතුව ලංකාවේ අය ඇඩ් ක්ලික් කිරීමේ ප්‍රවණකාවය අඩු වීම) අනික සිංහල සයිට් එකක ඇඩ්සෙන්ස් දැක්කොත් ලංකාවේ එකෙක්නම් ඕක මලාට ක්ලික් කරන්නෙ නැහැ. සයිට් එක කරන එකාට ගාණක් හම්බෙයි කියලා..
3. ඔබේ වෙබ් අඩවිය මාස 6කට වඩා පැරණි වීම ඉතා සුදුසුයි. මාසිකව විසිටර්ස්ල 2000-3000 ක් පමණ වෙබ් අඩවිය නැරඹීමට පැමිණීම තිබීම හොඳයි. නමුත් මේ බව පෙන්වන්න හිතල සල්ලි දීල ට්‍රැෆික් ගන්න එපා කාගෙන්වත්, බොට් වලින් ට්‍රැෆික් ගන්නත් එපා.. (ඇඩ්සෙන්ස් වලට අවුලක් නෑ කියල වැඳ වැටිල කිව්වත් සල්ලි දීල ට්‍රැෆික් ගන්න එපා.) හැබැයි ගූගල්ලගෙම ඇඩ්වර්ඩ්ස් වලින් ට්‍රැෆික් ගත්තට අවුලක් නෑලු. තව ට්‍රැෆික් හුවමාරු කරන සයිට් වලට සම්බන්ධ වෙන්නත් එපා.. ඒවයින් රෑන්ක් එක වැඩි වුණාට ඇඩ්සෙන්ස් ඉල්ලද්දි අවුලක් වෙනවා. හැබැයි බුකිය, ටුවිටර් වගේ සෝෂල් නෙට්වර්ක් වල ස්පෑම් නොකර ට්‍රැෆික් ගත්තට අවුලක් නැහැ. හැබැයි ට්‍රැෆික් වල අනුපාතය ගත්තම 50%ක් වත් සර්ච් එන්ජින් වලින් ට්‍රැෆික් ඇවිත් තියෙන එක හොඳයි.
4. ඔබේ බ්ලොග්/ වෙබ් අඩවිය ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් සහ ඇනලිටික්ස් වලට සම්බන්ධ කරන්න. එතකොට ඔය සේරම ටික බලාගන්න පුළුවන්.
https://www.google.com/webmasters/tools/home?hl=en
http://www.google.com/analytics/
5. වලංගු අන්තර්ගතයන් පැවතීම - වෙනත් සයිට් වලින් කොපි කරන ලද පෝස්ට් නොතිබිය යුතුය. එසේ තිබේනම් සම්පූර්ණ පෝස්ට් එකම නොවිය යුතුයි.. එලෙස උපුටා ගන්නා ලද කොටස වෙනුවෙන් අදාල මුල් වෙබ් අඩවිය මූලාශ්‍රය කරගත් බවට ලිංක් එකක් දැමිය යුතුය. ඔබගේ ලිපිය ඔබටම පමණක් ආවේණික විය යුතුය..
ඔබගේ වෙබ්/බ්ලොග් අඩවියේ අන්තර්ගතයෙන් සේවාවක් විය යුතුය. එසේ නොමැතිව ඇඩ්සෙන්ස් ඉල්ලුම් කිරීම අරමුණු කරගත් අඩවි වල ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ඇත.
ඔටෝ බ්ලොග් වලටත් ඇඩ්සෙන්ස් ලබා ගත නොහැකිය.
ඔබ කොපි කරල තියෙනවද බලාගන්න http://www.copyscape.com/ වෙත යන්න. ඔයාගෙ පෝස්ට් වෙන අය කොපි කරාද කියලත් බලාගන්න පුළුවන්..
6. වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි, කිසියම් කණ්ඩායමකට හෝ ආයතනයකට විරුද්ධව පවත්වාගෙන යන බනින ගරහන අඩවි, ක්‍රැක් සොෆ්ට්වෙයා සහ හැකිං ගැන සඳහන් අඩවි, මද්‍යසාර සහ දුම්කොල ආශ්‍රිත අන්තර්ගතයන් සහ නිෂ්පාදන විකිණීම, ගීත හෝ වීඩියෝ ඩවුන්ලෝඩ් කළ හැකි අඩවි, වැඩිහිටියන්ට පමණක්/ දුම්කොල මද්‍යසාර සම්බන්ධ අඩවි වලින් ට්‍රැෆික් පැමිණීම, මද්‍යසාර විකුණීම, ඊ-සිගරට්, නීති විරෝධී ජංගම දුරකථන ඇතුළත් වීම්, ගෙවීමෙන් පසු ලබාදෙන සැටලයිට් ටීවී වැනි දේ නොමිලේ බෙදාහැරීම, වීඩියෝ අයිතිකරු විසින් ඩවුන්ලෝඩ් කිරීමට නොදෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට පහසුකම් සැපයීම, ඔටෝ ට්‍රැෆික් අඩවි, ක්ලික් කිරීමට ගෙවන අඩවි, ඇඩ් නැරඹීමට ගෙවන අඩවි, සර්ච් කිරීමට ගෙවන අඩවි, ගූගල් නිවුස් වැනි ගූගල් සම්බන්ධ නිෂ්පාදන භාවිතා කර සාදා තිබීම, ගූගල් සම්බන්ධව ‘ඉක්මණින් පොහොසත් වීම‘ ගැන ලියවී තිබීම, ගූගල් සම්බන්ධ වචන වෙබ් ලිපිනයෙහි තිබීම, ඇටකටු කඩාගන්න-ගුටි ඇණගන්න-වාහන හැප්පෙන-අනතුරු දායක දේ ඇතුළත් අන්තර්ගතයන් හෝ වීඩියෝ, අවි ආයුධ විකිණීම සහ බෝම්බ ගැසීම වැනි දේවල් ඉගැන්වීම, වැල පින්තූර හෝ කාටූන්, වැල විඩියෝ, සෙක්ස් චැට්, ඊමේල් මඟින් මඟුල් කර දීම, වැල කතා, සෙක්ස් ටිප්ස් හෝ උපදෙස්, සෙක්ස් වලට ගන්න සමහර උපකරණ සම්බන්ධව, ව්‍යාග්‍රා වැනි සෙක්ස් සම්බන්ධ ඖෂධ, සෙක්ස් ගේම්ස්, ඔන්ලයින් කැසිනෝ, සයිට් එකට ගියපු ගමන් එක එක දේවල් ඉබේම ඩවුන්ලෝඩ් වෙන, මේවා තියෙන සයිට් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැහැ කිසිම ආකාරයකට.
7. කෙසේ නමුත් පහත ගණයේ වෙබ් අඩවි සඳහා ඇඩ්සෙන්ස් ලබා දේ. (වැරදිලාවත් හදල තියෙනවනම් එහෙම ) ටොරන්ට් ලිංක් සහිත අඩවි, වයින්-ෂැම්පේන් පමණක් විකිණීම, බියර් නිෂ්පාදනය ගැන විස්තර ලබා දීම හෝ එයට අදාල උපකරණ විකිණීම, දුම්කොල සම්බන්ධ නිෂ්පාදන නොවිකුණන අධ්‍යාපනික හෝ දුම්වැටි භාවිතයෙන් වැළකීම සම්බන්ධ දැනුවත් කිරීම, ෆෝන් අන්ලොක් කිරීම, නොමිලේ සැටලයිට් ටීවී සම්බන්ධ දැනුවත් කිරීම්, ගීත-සොෆ්ට්වෙයා වැනි දේ ඩවුන්ලෝඩ් නොකරන (copyright) සහ ඒවා ගැන විස්තර සහ පැහැදිලි කිරීම් අඩංගු වීම, සර්වේ සඳහා ගෙවන සයිට්, බොක්සිං සහ එවැනි වෙනත් ක්‍රිඩාවන්, එළවළු කපන පිහි වැනි ආයුධ විකිණීම, ඇන්ටික් ආයුධ විකිණීම, සෙක්ස්මය නොවන මිතුරු හඳුනා ගැනීම්, වෙනත් පාර්ශවයන්ට බනින්නෙ නැති දේශපාලන අන්තර්ගතයන්. වෙනත් ආගම් වලට බනින හානි නොකරන ආගමික සංවිධාන වල අඩවි, මුදලට ෆන් ගේම්ස් ගැසීම, සංචාරකයින්ට කැසිනෝ සහිත හොටෙල් ගැන දැනුවත් කිරීම වැනි අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි උදාහරණ වේ.
වැඩිදුර කියවීම - https://support.google.com/adsense/answer/1348688 මේක කඩ්ඩෙන්.. උඩ මම පුළුවන් තරම් සිංහලෙන් දැම්මා.
8. ඔබගේ පැරණි බ්ලොග්ස්පොට් සයිට් එකක් හොස්ටඩ් සයිට් එකක් බවට ඔබ පත් කර තිබේනම් සහ පැරණි පෝස්ට් කොපි කර නව අඩවියේ පළ කර ඇත්නම් පැරණි බ්ලොග්ස්පොට් සයිට් එක මකා දැමීමට අමතක නොරන්න. එසේ නොමැතිනම් ඔබ විසින් පළ කළා වුවද ඒවා කොපි කරන ලද පෝස්ට් බවට පත්වනු ඇත. හැබැයි මුලින් ලියපු පෝස්ට් එකට නෙවෙයි අවුල වෙන්නෙ දෙවෙනියට කොපි කරල දාන පෝස්ට් එකට.. කවුරු කොපි කරත් දෙවෙනි පෝස්ට් එකට කචල් එක වැටෙනවා..
9. ඔබේ අඩිවියෙහි පහත සඳහන් පිටු අඩංගු විය යුතුය - About us, privacy policy, TOS, contact us. සයිට් එකේ අයිතිකරුගේ හෝ ප්‍රධානියාගේ නම සහ ඊමේල් එක පැහැදිලිව ඔය පිටු වල දක්වා තියෙන්න ඕනෙ සුදුසු පරිදි. ඒ දාල තියෙන ඊමේල් එකෙන්ම ඇඩ්සෙන්ස් ඉල්ලන්න පුළුවන් නම් වඩා හොඳයි.
10. ඇඩ්සෙන්ස් ඉල්ලුම් කිරීමට පෙර අවම වශයෙන් පෝස්ට් 40ක් වත් (බ්ලොග්ස්පොට්) 60ක් වත් (හොස්ටඩ් වර්ඩ්ප්‍රෙස් වැනි) අඩංගු වීම. මේ අගය වඩා සුදුසුයි කියල හිතෙනව නමුත් සමහර අවස්ථාවල පොස්ට් 400 500 දාලත් නොලැබුණ අය ඉන්නවලු. එක පොස්ට් එකක වචන 500+ තිබීම හොඳයි (කන්ටෙන්ට් ඊස් ද කිංග්)
Here's a simple equation that spells it out:
A content-rich page = Highly-targeted ads
Highly-targeted ads + Interested users = Healthy clickthrough & conversion rates
Healthy clickthrough & conversion rates = Success!
11. ලස්සනට සයිට් එක ඩිසයින් කරල තියෙන්න ඕනෙ. හොඳ ටෙම්ප්ලේට් එකක් තිබීම අනිවාර්යයි.. උදාහරණයක් විදිහට දීප්තිමත් කහ පසුබිමේ සුදු අකුරු තියෙනවනම්. ලොකු විශාල බට්න්ස් දාල, සයිස් කරන්නෙ නැතුව එක එක ප්‍රමානයේ පින්තූර දාපු අජූත සයිට් එකක් නොවිය යුතුයි. site under construction වෙන්නත් බැහැ.. වැඩ නොකරන ලිංක්ස් (broken links) තියෙන්න එපා.. පෝස්ට් දාන ඒව කැටගරි කරන්න සුදුසු පරිදි..
12. මාස 6ක් වත් පැරණි ටොප් ලෙවල් ඩොමේන් එකක් ඒ කියන්නෙ .කොම්, .ඉන්ෆො, . ඕර්ග්, වගේ එකක්.. නොමිලේ ලබා දෙන ටීකේ වගේ ඒව දාපු සයිට් වලට ඉල්ලන්නත් එපා. සබ් ඩොමේන් වලට ඉල්ලන්නත් බැහැ.. ඒ වගේම විශේෂ පිටුවක් සඳහා ඇඩ්සෙන්ස් ඉල්ලන්නත් බැහැ.. ඒ කියන්නෙ ඇඩ්සෙන්ස් ඉල්ලන්න ඕනෙ example.com වගේ එකකට මිසක් example.com/blogpage වගේ එකකට නෙවෙයි. ඩොමේන් එක මතක තබා ගැනීමට පහසු කෙටි ඩොමේන් එකක් වීම හොඳයි. ඔබේ ඩොමේන් එකේ whois details වල ඔබ ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරන නම හෝ ඊමේල් එක තිබීම වඩා ගුණදායකයි.
13. වෙනත් ඇඩ් නෙට්වර්ක් වල ඇඩ් හෝ ඇඩ්ෆ්ලයි වැනි ලිංක් ඇඩ්සෙන්ස් ඉල්ලුම් කිරීමට පෙර ඉවත් කර තිබිය යුුතුයි. පොප් අප්ස් දාන්නත් එපා.
14. ඔබ පළමු වර හො දෙවෙනි වර හෝ තෙවෙනි වර ඉල්ලීම අනුමත නොවේවි.. නමුත් ඔවුන් අනුමත නොකරන්න හේතු අදාල ඉමේල් එකේ සඳහන් කරනවා.. ඒකට අනුව නැවත සකස් කරල මිසක් ආපහු ඇඩ්සෙන්ස් ඉල්ලන්න යන්න එපා.. උත්සාහය අතහරින්නත් එපා හදිසි වෙන්නත් එපා..
15. ඇඩ්සෙන්ස් ඉල්ලුම් කරද්දි පෝරමය පුරවනකොට නිවැරදිම දත්ත ලබා දෙන්න.. බොරු දේවල් දාන්න එපා.. අනිවාර්යෙන්ම ලිපි ලැබෙන ලිපිනයක් දාන්න.. තමන්ගෙ සම්පූර්ණ නම දාන්න.. ඒක එහෙම වුණාම චෙක් එක බැංකුවෙන් මාරු කරද්දි අවුලක් යන්නෙ නැතිවෙයි.. අනිවාර්යයෙන්ම ඔබ වයස 18 සම්පූර්ණ කර තිබිය යුතුයි.
16. ඔබ ලබා ගන්නා හොස්ටිං සම්බන්ධව විශ්වාසයක් තිබිය යුතුය.. ඇඩ්සෙන්ස් ඔබගේ වෙබ් අඩවිය නරඹන විට බෑන්විත් ලිමිට් පැනලනම් හෝ වෙනත් එවැනි අවුලක් වුනොත් ඇඩ්සෙන්ස් නැත. ෆ්‍රී හොස්ටිං ගැන විශ්වාසයක් තියන්න එපා..
17. දිනකට පෝස්ට් 3ක මධ්‍යන්‍යයක් යටතේ දිනපතා අලුතෙන් පෝස්ට් පළ කිරීම..