Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Linux පාවිච්චි කරන මිනිස්සු

$
0
0
Linux පාවිච්චි කරන මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා මචං. පළවෙනි වර්ගෙ, තමන්ට කරගන්න ඕනෙ වැඩ විතරක් කරගන්න Linux පාවිච්චි කරන උන්. [Server වැඩ, Office වැඩ, campus වල projects වගේ දේවල්.] කවුරු හරි තමන් පාවිච්චි කරන OS එකට මොනව කිව්වත් උන්ට දැනෙන්නෙ නෑ. පළවෙනි වර්ගෙ උන්ගෙ ප්‍රධාන ලක්ෂණයක් තමයි, උන් හැම වෙලාවෙම හොයන්නෙ user friendly. ඒ වගේම හැම වෙලාවෙම පාවිච්චි කරන්නෙ මොකෙන් හරි major OS එකකින් කැඩිච්ච OS එකක්. [පළවෙනි වර්ගෙ හැම එකාම එහෙම නෑ. සමහර උන් ඉන්නවා major OS ම පාවිච්චි කරන.] මුන්ට OS එක හරියට crash නොවී වැඩ කලොත් ඇති. Regular users ලත් අයිති වෙන්නෙ පළවෙනි වර්ගෙට.මේකට අයිති වෙන තව සෙට් එකක් ඉන්නවා උන් අනිත් එවුන් දාගෙන ඉන්නවට දානවා. උන්ගේ පොර සීන් එකක් මාවා පානවා හැබැයි උන් දන්නේ ටිකෙනුත් ටිකයි.

දෙවනි වර්ගෙ තමයි, ඇගේ පතේ හිරි ඇරගන්න Linux පාවිච්චි කරන උන්. මුන්ගෙන් 95% ක් විතර අමු පිස්සො/වැඩ්ඩො. [Professional නෑ. අක්‍රමවත් දැනුමක් තියෙන්නෙ. Professional උනුත් අතරින් පතර ඉන්නවා.] ආයි ඉතින් මුන්ට මුන් පාවිච්චි කරන OS ගැන කවුරු හරි මොනව හරි කියන්න ගියොත් කියපු එකාට ආයි Window වලට බහින්නම අහගන්න පුලුවන් වෙයි. මුන්ගෙ තියෙන ප්‍රධාන ලක්ෂණ වෙන්නෙ, මුන් ආසයි හැම වෙලේම අමාරු දේ කරන්න, මුන් තෝරගන්නෙ හද්ද pure OS. [Debian, Arch, Slackware, LFS, Gentoo වගේ.] /// :v

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles