Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

පවුරු෴8

$
0
0
පවුරු අඅට වන කොටස෴

"පුතා.. කලබල වෙන්න ඕනෙ නෑ.. දැන් අපිට මේව දෙන්න කෙනෙක් නෑ. ඔය හංසි දූගෙ බැංකු පොත. අංකල එයාගෙ පලමු වෙනි උපන්දිනෙ දවසෙ පටන් ගත්තෙ.. එදා ඉඳන් හැම සතියකටම සැරයක් අංකල් පොතට සල්ලි දැම්ම.. ඔතන ලක්ෂ ගාණක් ඇති. දැන් ඕව කාට දෙන්නද පුතා. මගෙ කෙල්ල වෙනුවෙන් අපි ඔයාට ඕක දෙන්න තීරණේ කලා.ඔයාගෙ නමට හරවල තියෙන්නෙ."

හංසිගෙ අම්ම කතා කලේ ගොඩක් දුකින්. ඒත්... මම ඇත්තටම මේ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නෑ..

"ආන්ටි... මේ ජනිත් කවදාවත් සල්ලි වලට ආදරේ පාව දෙන කෙනෙක් නෙමේ... හංසි වෙනුවෙන් මේ සල්ලි වලින් පිනක් දහමක් කරන්න.. මට මේ සතයක්වත් එපා.."

මට ඇත්තටම කියවුනේ පුංචි කේන්තියකින්.. මොකද, කවුරුවත්ම මගෙයි හංසිගෙයි ආදරේ සල්ලි කොලවලින් මනිනවට මම පොඩ්ඩක්වත් ආස නෑ...

"සොරි පුතා... හිත රිදුනනම්. එහෙනම් ඔය සල්ලි ටිකවත් ගන්න. වියදමටවත්.."

බෑගයේ තවත් බ්‍රවුම්පේපර් කවරයක් තිබෙනු දුටුවේ එවිටයි...
මා එය දිගහැර බලන විට රුපියල් පනස්දාහක පමන නෝට්ටු මිටියක් සහ හංස වෙනුවෙන් මම පලමුවෙන්ම දුන්නු තෑග්ගද එහි විය.
මේක කොහෙන්ද?

"පුතේ.. හංසිගෙ අල්මාරියෙ ඔය කීටැග් එක තිබුනෙ. එයා ඕක පන වගේ පරිස්සම් කලේ.. අපි ආයෙ නොඑන්නම රට යනව.. ඉතින් ඔයාලට අයිති මේ වටිනා දේ දුකෙන් උනත් ඔයාට දීල යමු කියල අංකල් කීව.. ඒකයි ඕක ගෙනාවෙ..

මම හංසිව පලමු වතාවට හමුවුන දින මගෙ බෝඩ්ම් කාමරේ දොරේ යතුරත් සමග දමාගෙන හිටපු කී ටැග් එක හංසි ඉල්ල ගත්ත හැටි මට අද වගේ මතකයි..

"අයියෙ... මට ඔයා මතක් වෙන්න මොනවද දෙන්නෙ..."

"ම්... දැන් මේ ළමයට මොනවද ඕනේ............."

"ම්.. ම්.. ම්... මේක මට.." (අතේ තිබුනු යතුරු තැරැල්ල උදුරා ගනිමින් හන්සි හුරතලේට හිනා වුනේ ගොඩක් දඟකාර විදියට...

"ආහ්... ඒක හොඳයි... එහෙනම් ඉතින් මාවත් එක්කම යමු ගෙදර..."

"ඒ මොකටද?" (ටිකක් බයෙන් වගේ හංසි ඇහුවෙ ප්‍රශ්නාර්තයක් හිතේ මවාගෙන..)

"ඇයි ළමයො.. යතුරු කැරැල්ල ඔයා ගත්තම.. මට බෝඩ්මේ දොර ඇරගන්න විදිහක් නෑනෙ.. ඉතින් මට වෙන යන්න තැනකුත් නැති නිසා.... මං ඔයාලගෙ ගෙදර එනව..."

"හොඳට හිටී... කපටිය.." (ආහ්... මට ඕනෙ මේක විතරයි..කමක් නෑ නේද?)

"හංසි මගෙ අතට යතුරු ටික දුන්නෙ කීටැග් එක ගලව ගන්න ගමන්..."

හංසිගෙ තාත්තයි අම්මයි යන්න ගියා.. මම එයාලගෙ කිසිම දෙයක් ගත්තෙ නෑ.. කී ටැග් එක පමනක් ගත්ත. හංසිව මතක් වෙන්න.. මම 4.20 පමන බස් එකකට නැගගෙන ගෙදර යන්න පිටත් වුනා..


කාලය ගෙවිල ගියේ ‍නොදැනීම..

මම ආයෙත් ප්‍රභාගෙ ඔෆිස් එකට එන්න පිටත් වුනේ වෙන කරන්න දෙයක් නැති කමට..

ගමේ හැමෝ මගෙන් ප්‍රශ්න කෝට්යක් ඇහුව...

"ඇයි බන් ජනා උඹ මේතරම් කෙට්ටු වෙලා... බලපන්කො... උඹ හරියට නිකන් අස්සය නැතිවෙච්ච කව්‍ බෝයි වගේ... උඹටනම් මචන් මොකක් හරි අවුලක් තියනව... ඇත්ත කියපන්... මොකද? උඹ බූ!ට් පාරක් වත් කෑවද? ආහ්..."

ඇතැමුන්ගේ ඔය වගේ ප්‍රශ්න මට මහා වදයක් වුනා.. ඒ නිසාමයි ආපහු ගාල්ලෙ එන්න පිට් උනේ...

මන් ඔෆිස් එක ගාවින් බස් එකෙන් බහිනකොට 10.30ට විතර ඇති.. දරා ගන්න බැරි තරම් තිබහක් තිබුන නිසා ඔෆිස් එක ඉස්සරහ පුටුවත් උඩින් බෑග් එක තියල කුස්සිය පැත්තට ගියෙ වතුර ටිකක් බොන්න හිතාගෙන..

ඉදිරිපස දොර වහලයි තිබුනෙ..

ප්‍රභා කොහෙහරි යන්න ඇති...

ඒත් මහේෂි... ආහ්.. නිවාඩුවත් ගියාද දන්නෑනෙ..

ඔය වගේ සිතිවිලි අතර තනිවෙමින් මම කුස්සිය පැත්තට යනවිට,‍ ඒ පැත්තෙනුත් දොර වහල...

යතුර තියල යන්නෙ ප්‍රභාගෙ නිදන කාමරේ ජනේලය ලඟ මල් පෝච්චියක් යට.. යතුර ගන්න එන‍කොට කාගෙදෝ කටහඬක් ඇහුන..

මම ටිකක් ඇහුම්කම් දුන්නෙ කවුරුත් නැති මෙහෙ කවුද කතා කරන්නෙ කියල හිතා ගන්න බැරිව..

"මම කිව්වනෙ ළමයො.. ඔයාට බයවෙන්න දෙයක් නෑ කියල.. අපි බඳිමු ඉක්මනටම... ම්............"

"අනේ සර්... ළමයි එහෙම දැනගත්තොත්...? අනිත් එක මම කවදාවත් මෙහෙම ඉඳල නෑ සර්..."

"පිස්සු කියවන්නෙපා ළමයෝ..... ළමයි කොහොම දැනගන්නද? ම්... උන් එන්නෙ 5ත් පහුවෙලා..."

"අනේ සර්... අම්මල මාව විස්වාසෙටයි මෙහෙට එව්වෙ.. මම කොහොමද එයාලට මූණ දෙන්නෙ.."

"කෝ... එන්න ළඟට... ම්... මේ තරම් ලස්සනක් නම් මම කවදාවත් දැකල නෑ..."

"දැන් ඇතී......... අනේ............."

"කෝ කෝ... තව ටික් ඉමූ... ම්... බලන්නකො ඔයාගෙ ලස්සන... ම්... ෆොටෝ එකක් ගන්නද?"

ඇසෙන සියළුම දේ මට හීනයක් වගේ... කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැකිව මම හෙමින් ජනේල පියනකින් ඇතුල බැලුවෙ ඇත්ත මොකක්ද කියල දැනගන්න හිතාගෙන.....

"දෙවියනේ........................ "

මම දකින්නේ සැබෑවක්ද? නැත්නම් මෙය මායාවක්ද?
කිසිම දෙයක් තේරුම් ගැනීමට නොහැක... නමුත් මම මගේ දෑස්නි සියල්ල දැක හමාරය...

ලස්සනම ලස්සන ගවුම් පොඩියක් ඇඳගෙන තාත්තවත් ඉස්සර කරන් ඉන්ටවිව් ආපු.,

මූණ දිහා කෙලින් බලල කතා කරන්න වත් බැරි තරම් ලැජ්ජාවෙන් යුක්ත වූ..,

සැමගේ නෙත් සිත් පැහැර ගන්නා තරම් සුන්දර වූ ඒ යුවතිය,

මගේ යහළුවායැයි මා පිලිගත් පාපතර ප්‍රභාගේ සයනේ නිරුවතින් වැතිරී සිටි ඒ දසුන මා කෙසේ නම් විස්වාස කරන්නද?

"දුහුල් තඹර සේද පටලෙන්...
වසාගෙන රන් රූපිකා...
තිසර ළඹ වන් හසන් නෙතු යුග...
තාලයට පැද්දුනි ලතා...
ඉරා දමමින් ඒ දුහුල් පට...
සොයාවී අම රූ රටා...
යහන් ගැබ තුල වැදී කිම මේ...
අඳුරු අහසට අත වනා..."

මට කරන්නට කියන්නක කිසිම දෙයක් නෑ... ආයතනය ප්‍රභාගෙ... සේවිකාවත් ප්‍රභාගෙ... තීරණත් ප්‍රභාගෙ... ඒත් දෙවියනේ... ආදරය කියන අකුරු හතරෙ අරුත මේකද?

මම එහෙමම ආපහු බෑග් එකත් අරන් යන්න තිබුනු නිදහස්ම තැන වුනු ගාලු කොටුවට ගියා...

ජීවිත කාලෙටම මම පන වගේ අතකින් වුවත් පරිස්සමෙන් අල්ලමින් රකින්නට හදපු මගෙ රත්තරං මට නැති වුනා තමයි... ඒක ඇත්ත.. ඒත්.., අපි හීනෙකින්වත් අපේ ආදරේ ඇතුලෙ නොසිතපු, නොපතපු මෙවන් දෑ සිදුවන්නේ කෙසේද? මට තිබුනෙ මහා කලකිරීමකි...

මහේෂි එවන් එකියක් නොවන වග මම හොඳහැටිම දනී... ප්‍රභාගෙ පෙළඹවීම, බලකිරීම මත තනි ඈ අසරන වෙන්නට ඇති... සමහර විට මා දැක්කේ පෙර දින කීපයේදීම මා නොමැති දිනවල සිදුවූ සිදුවීම් සමුදායක් වන්නටද ඇත...

ඇත්තටම ප්‍රභා මහේෂි ව කසාද බඳීද... ප්‍රභා යනු බැඳීම් මත්තේ නැහෙන එකකු නොවන වග මා හොඳින්ම දනී..

මට මතකයි පාසැල් කාලයේ එක් කෙල්ලක හා හාද වී ප්‍රභා ගත කල කාලය...

ඇයගෙන් ගත හැකි උපරිම ප්‍රායෝජන ලබාගෙන ඈ කසාද බඳිමු යැයි යෝජනා කල විට ඈව අතහැර ගිය ඒ අතීතය මට තවමත් මතකයි...

මහේෂිට අත් වන්නේත් ඒ අමිහිරි ඉරණම ම නොවේද? මෙවන් සිදුවීමකින් පසු තනිවන මහේෂි ජීවතුන් අර සිටීවිද?

මෙවන් ප්‍රශ්න රාශියකට සුළං රැලි අතරට වී ගාලු කොටුවේ සිට මම පිලිතුරු හෙව්වේ ඇයිදැයි මම නොදනිමි..

ඇයි මහේෂි ගැන මේ තරම්ම මට කැක්කුමක්...???

බොහෝ වෙලාවට මගෙ සිත මගෙන්ම ප්‍රශ්න කලේ එලෙසින්.. මට තේරෙන විදිහටනම් මහේෂි මගෙ හංසිගෙ වයසෙ වගේ... ඇය තුලින් මට මගෙ රත්තරංව මතක් වෙන නිසා විය යුතුයි ඇය කෙරෙහි මම මේ තරම්ම වද වෙන්නෙ...

මම කිසිවක් නොදන්නා ගානට හවස ඔෆිස් එකට ගියා...

"ආහ් ජනා... කොහොමද? අම්මල එහෙම හොඳින්ද?"

"අවුලක් නෑ මචන්.. මෙහෙ වැට කටයුතු එහෙම කොහොමද...?"

"වරදක් නෑ මචන්... සුපුරුදු පරිදි යනව.."

ප්‍රභා කිසිම වෙනසක් මට පෙන්නුවෙවත් ඇඟව්වෙ වත් නෑ..

"සර්.. "

මන් රූම් එකට යනකොට ඉස්සරහට හම්බුනේ මහේෂිව... ඈ වෙනදා මෙන් මා දිහා කෙලින් බලා කතා කලේ නැත... මගේ ඇස් මගහරින්නට ඈ උත්සාහ ගන්නා බව මට හොඳින්ම වැටහිනි...

"කොහොමද මහේෂී...???"

"හොඳයි සර්... වරදක් නෑ... " ඈ මාව මගහරිමින් යන්නට ගියේ දැඩි අපහසුතාවකින්...

තවත් කොටසක් බලාපොරොත්තු වන්න.
(උපුටා ගැන්නේ නම් කතෘ අයිතිය සුරකින මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි෴)

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles