Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

පවුරු෴9

$
0
0
පවුරු නව වන කොටස෴

කාලය ඔහේ ‍ගෙවිල ගියා..
දිනෙන් දිනම මම බීමට ඇබ්බැහි උනා..
ප්‍රභා සහ මහේෂි අතර සිදුවූ සිදුවීම් සමුදාය දෑසටම දැකපු නිසාදෝ ප්‍රභා ගැන හිතේ තිබුනෙ ලොකු කලකිරීමක්...


වෙරි මතින් සිටින බොහෝ අවස්ථාවල මේ පිලිබඳව ප්‍රභාට කියන්න මට උවමනා වුවත් මම නිහඬ වී සියලු සිතුවිලි ගිල ගත්තෙ ‍ප්‍රභාට හරි වැරැද්ද තේරුම් කරල දෙන එක ඉතා අපහසු කටයුත්තක් බව මම හොඳ හැටිම දැන උන් නිසා. ඇත්තම කීවොත් මෙම ආයතනය මට එපා වෙලයි තිබුනෙ..
“සර්.. අපි රෝඩ් ට්‍රිප් එකක් යනව.. සර්ත් එනවද?...”
“රුවන් මං ලඟට ඇවිත් ඇහුවෙ නොයිවසිල්ලෙන්...”
මම ලොකු සර් විදියට හඳුන්වල දුන්නට මම මේ බිස්නස් එක ගැන මුකුත්ම දන්නෙ නෑ... රෝඩ් ට්‍රිප් එක කියන්නෙ මොකක්ද? මට ලොකු ප්‍රශ්ණයක් වුවත් ඒක මේ වැඩ කරන ළමයින්ට පෙන්නන්නවැයි? සමහර විට වෙනසකටත් එක්ක ළමයින්ව ප්‍රභා ට්‍රිප් එකක් එක්ක යන්න වෙන්න ඇති... ඒත් මට නොකීවෙ...?
ප්‍රශ්ණ ගොඩකට මැදිවෙලයි මම හිටියෙ..
“බලමු පුතා.. මට හදිසි වැඩ වගේකුත් තියනව.. බලමු? සර් එක්කත් කථා කරල මම කියන්නම්කො... ම්?”
මම එහෙම කියල රුවන්ගෙන් ගැලවිලා කෙලින්ම ගියෙ ප්‍රභා හම්බ වෙන්න..
“මචන් ප්‍රභා... කොහෙද මචන් ළමයි ටික ට්‍රිප් එක එක්ක යන්නෙ? උඹ මට නිකමටවත් කීවෙ නෑනෙ...?”
“හහ් හහ් හා... වරෙන් වරෙන් වාඩිවෙයන්...“
ප්‍රභා මගෙ වචන සත පහකටවත් ගනන් ගන්නෙ නැතිවයි හිනා වුනේ..
“ඇයි...?”
මගෙ හිතේ තිබුනෙ කේන්තියක් එක්කම ලොකු දුකක්..
“මචන්.. ට්‍රිප් එකක් කීවට මේක එන්ජෝයි කරන්න යන ගමනක් නෙමේ මචන්... අනික හතරදෙනයි යන්නෙ.. බඩු සේල් කරන්න ළමයි හතර දෙනෙක් හරි හය දෙනෙක් හරි ටිකක් දුර පළාතකට බඩුත් අරන් යවනව.. ඒකට අපි කියන්නෙ රෝඩ් ට්‍රිප් කියල..”
“මට සියල්ල වැටහුනේ ප්‍රභාගෙ පැහැදිලි කිරීමෙන් පසුව...”
“හම්... දැන් කවදද යන්නෙ මචන්... කීදෙනෙක් යනවද? කොහෙද?”
“ජනා... දැන් මට නිකන් හිතුන සිතිවිල්ලක් කොල්ලන්ට කීවෙ.. හොඳටම වැඩ කරන හතර දෙනෙක් යවමු.. මන් තීරනේ කලේ නෑ උඹෙනුත් අහලම තීරනේකට එන්න හිතාගෙන.. කොහෙ වගේ යවමුද මචන් අපි කොල්ලො ටික..?”
මට මේකනම් අලුත්ම අද්දැකීමක්...
ප්‍රශ්න ගොඩක් අහන්න උවමනාව තිබුනත් ඒ හැමදේම අහ්නෙ නැතිව මම හිතුවෙ වෙනසකටත් එක්ක මටත් යන්න පුලුවන් විදියක් ගැන..
“ප්‍රභා... මමත් ළමයි එක්ක යන්නම් මචන්.. පොඩි වෙනසකටත් එක්ක... කතරගම පැත්ත මොකද?”
“ආහ්.. ම්.... පැත්තනම් හොඳයි.... උඹ ගියාටනම් කමක් නෑ මචන්.. ඒත්... එහෙනම් උඹ හොටෙල් එකක නැවතියන්.. සල්ලි අවුලක් නෑ.. උඹට ළමයි එක්ක ඉන්න බෑ මචන්...”

“ඇයි..? එතකොට ළමයි කොහෙද නවතින්නෙ..."

මෙහෙමයි මචන්.. සාමාන්‍යයෙන් රොඩ් ට්‍රිප් යනකොට බඩු ටිකයි යන්න බස් ගාස්තුවයි විතරයි දෙන්නෙ.. ඉන්න තැන් යන මිනිස්සු හොයා ගන්න ඕනෙ..”

“ඒක මාර කතාවක්නි බන්.. එතකොට මේ ළමයි කන්නෙ බොන්නෙ..?”
“මචන්... මේ අහපන්.. අපි බිස්නස් එකක් කරන්නෙ බං... එතනදි අපට උන්ගෙ සැප දුක බලන්න බෑ.. අපිට ඕනෙ සල්ලි.. යන මිනිස්සු ගෙනියන බඩු වැඩි ගානට දීල කෑම ගාස්තුවයි, අනෙත් වියදම් වලටයි හොයා ගන්න ඕනෙ.. අනික මචන් ගෙනියන බස් ගාස්තුවත් ඇවිත් පියවන්න ඕනෙ.. ඒක තමයි මාකටින් නීතිය.. උඹට යන්න කියන්නෙ නෑ මම.. කැමතිනම් යමන්... ඒක උඹේ කැමැත්තක්... හැබැයි, උඹට ඔය කට්ටනම් කන්න බෑ ජනා.. උඹ හොටෙල් එකක නැවතියන්.. ම්...”
ප්‍රභා සියල්ල පැහැදිලි කරා..
පහුවදා උදෙන්ම ගමන පිටත් වෙන්න ප්‍රභායි මමයි කථා කර ගත්ත..
මගේ ඉල්ලීම පිට දුර වැඩි වුවත් කතරගම වන්න ප්‍රභාගෙ අවසරය හම්බ වෙලා තිබුන.. දින හතකට වෙලඳාමට අවශ්‍ය වෙළඳ බඩු, ඇඳුම්, සබන්, වැනි අත්‍යාවශ්‍ය දේවල් බෑග් වලට අසුරමින් පිරිමි ළමුන් හය දෙනෙක් ගමනට ලැහැස්ති වුනා.
“හය දෙනෙකුට යන්න දෙන්න බෑ.. ලොකු සර්ත් වැඩ වගේකට කතරගම යන්න ඕනෙලු.. සර් යන හින්දයි චාන්ස් එක දෙන්නෙ... ගෙනියන බඩු ඔක්කොම සේල් කරන්න ඕනෙ... ලක්ෂෙක බඩු දීල තියනව..”
“අනූදාහක් සේල් කරන්න පුලුවන් උනොත් ලොකු සර් රුවන්ව ප්‍රමෝට් කරයි ඇසිස්ටන් මැනේජර් කෙනෙක් විදියට. රුවන්ගෙ ගෝල් එකටයි අනිත් අය වැඩ කරන්න ඕනෙ.. රයිට් එහෙනම්.. මාකටින් නීතිරීති රැකගෙන, ලොකු සර් ගෙයි, මගෙයි ආයතනයෙයි ගෞරවෙත් රැකගෙන වැඩෙත් කරගෙන එන්න සුභ පතනව..”
ප්‍රභා කොල්ලො ටිකගෙ මානසිකත්වය හැදුවෙ ඇස්කිමෝ වරයෙකුට ෆ්‍රිජ් එකක් විකුනන් වුනස් ලෑස්ති තරමට කොල්ලො ටික තෘප්තිමත් කරමින්. බලාපොරොත්තු පහන් සිළු දෑසෙහි දල්වාගෙන ප්‍රභාට අතට අත දෙන රුවන් ගැන මට ඇති වුනේ දැඩි අනුකම්පාවක්...
“පව්... අසරන අහිංසක කොල්ලො...” (ඉබේටම මට සිතුනෙ එහෙම..)
පාන්දර තුනට කොළඹින් එක බස් එකේ ළමයි හය දෙනයි මමයි කතරගම බලා පිටත් පුනා...
ප්‍රභා මගින් මගටම කීවෙ හෝටලේක මට නවාතැන් ගන්නා ලෙසයි...
උදේ පාන්දරම අපි පිටත් වෙන විට ඔෆිස් එකට ඇවිත් ළමයින්ගෙ ස්ටෝක් එක බාර දීල දුකෙන් වගේ මං දිහා බලල අසරණ විදයම මහේෂි හිනා වුනු හැටි මට මතකයි...
දැන් මම නෑ...
දවල්ට ළමයි ටිකත් නැති ඔෆිස් එකේ මහේෂියි ප්‍රභා යි විතරයි... එදා මා දුටු සිදුවීමට සමාන සිදුවීම් සමූදායක් මේ ටික දවසට සිදු වනු ඇත.. මම ඉන්න දවස් වලට මම ඔෆිස් එකේ නිසා ඇත්තටම මහේෂිට ආරක්ෂාවක් සැලසුනාද? එසේත් නැතිනම් මා පිටව යන තෙක් දෙදෙනාම සිටියේ නොයිවසිල්ලෙන්ද? නෑ..? මහේෂි අහංසක ළමයෙක්.. ප්‍රභා ඉදිරියෙ මහේෂි අසරණ වෙන්න ඇති..
(මෙවැනි සිතිවිලි සමුදායක් හමුවේ ඔහේ කාලය ගත වෙමින් තිබියදී මාතරට කිට්ටුවෙන් බස් රථය නැවැත්තුවෙ උදෑසන ආහාරය හෝ තේ පානය සඳහා මගීන්ට අවස්ථාවක් ලබා දෙමින්)
“සර්... ‍තේ එකක් බීලම යමු... කොල්ලො ටිකට් බඩගිනිත් ඇති සර්...”

රුවන් මම ඉඳගෙන සිටි ආසනය ලඟට විත් කීවෙ මට විතරක් ඇහෙන්න..
“යමු රුවන්..මොනවහරි කාල තේ බොමු..”
“සර්.. කොල්ලන්ට කන්න අරන් දෙන්න තරම්නම් සල්ලි නෑ සර් මන් ලඟ.. සර් කන්න.. අපි තේ එකක් විතරක් බොන්නම්.. රුවන් කීවෙ අවංකවම කියල මට හිතුන…”
ඇත්තටම රුවන් ඕනෙම කෙනෙකුගෙ හිත දිනා ගන්න තරම් සමාජශීලී කෙනෙක්. බොරු සෝබන නෑ..
“හරි හරි... යමුකො..”
කට්ටියම මා පසුපසින් අවන්හලට ඇවිදන් ආවෙ ඕහේ අරමුනක් නැතිව වගේ... පව් ගම්වල දෙමාව්පියන්ගෙ සෙවනෙ මල් වගේ හැදුනු තරුණ ජීවිත.. මැනේජර් යන පට්ටම් නාමයක් පසුපස හඹා යන්නට වීමෙන් අත්වී ඇති ඉරනම..
“අපි තේ බොන්නම්.. සර් කෑම කාල එන්න..”
රුවන් ආයෙමත් කියත්දි නම් මට හොඳටම කේනති ගියා...
“මේ... රුවන්.. තමුන් හිතුවද මම ආත්මාර්තකාමී, කුහක, තිරිසන් මිනිහෙක් කියල... මට සල්ලි වැදගත් නෑ... තේරුනාද? මම මේ ගමන ආවෙ මගෙ කැමැත්තෙන්... ඒ නිසා මම කරන්නෙ මට කැමති දේ... මට උපදෙස් දෙන්න හදන්න එපා.. ඕ.කේ...”
“සොරි සර්... අපේ අතේ සල්ලි නෑ.. ‍ඊයෙ මගෙ එකවුනුට් එකෙන් පොඩි ගානක් තිබිල ගත්ත. ඒක විතරයි තියෙන්නෙ සර්.. ඒකයි එහෙම කීවෙ.”
මගෙ දැඩි වදන් හමුවේ රුවන් හිටියෙ ගොඩක් අසරණ වෙලා... මටත් මගෙ වචන සැර වැඩි බව තේරිලයි තිබුනෙ.. ඒත්.. පිටවුන වචන ආපහු ගන්නවැයි...
මම කෑම ඕඩර් කරා... මගෙ ගානෙ කොල්ලො 6 දෙනාටම බඩ බිරෙන්න කන්න දුන්න. කෑම කාල, ඉගුරු ප්ලේන්ට් බීල ආයෙත් බස් එකට ගොඩවුනේ ගමනෙන් බාගයක් පමනක් සම්පූර්ණ වුනු බව තේරුම් අරගෙන..
කොල්ලො ටිකනම් හිටියෙ ගොඩක් සතුටින්.. ඒත්.. ඔෆිස් එකේ තත්වෙ කොහොම වෙයිද අද ඉඳන්.. අනිත් කවුරු කොහොම උනත් මහේෂිට නම් ‍ප්‍රභාගෙන් ගැලවුමක් වෙන එකක් නෑ... පවු.. අහිංසක කෙල්ල.. මම මේ ගමන ආපු එකට ප්‍රභා ගොඩක් කැමති ඇති.. දැන් ඉතින් ප්‍රභාට නිදහසේ ඒ දේවල් කර ගත්තෑකි...
ප්‍රභාට මම නැතුවත් බෑ... ඒත් දැන් දැන් මාව ප්‍රභාට වදයක් වෙලා වගේ...
සිතිවිලි ගොන්නක තනිවී කතරගම ටවුන් එකටම ආව දන්නෙම නැතිව..
“රුවන්.. දැන් කොහෙද අපි නවතින්නෙ...”
“සර්... අපිටනම් නවතින්න තැනක් හොයා ගන්න වෙනව... සර්ට නවතින්න ගෙට් හවුස් නම් මේ කිට්ටුව ඇති.. කාගෙන් හරි අහල බලමු..”
“ඔය ආයෙත් පටන් ගත්ත... රුවන්... මේ අහනව... මම මේ කොල්ලො ටික දාල යන්නෙ නෑ... උඹල ඉන්නෙ ගහක් යටද? මමත් ඒ ගහ යටම ඉන්නව මේ සතියම.. මට කට්ට කාල හොඳට පුරුදුයි... තේරුනාද? මම තත්වෙන් මේ කම්පැනි එකේ සර් උනාට, මමත් උඹල වගේම ලේ මස් ඇට නහර වලින් හැදුනු එකෙක්... ඒක තේරුම් ගත්තොත් හොඳයි...”
මගෙ වචන හමුවේ කොල්ලො සේරම තුශ්නිම්බූත වෙලයි හිටියෙ...
“මටනම් මාර පුදුමයි සර්... සර් නම් පුදුම මනුස්සයෙක්..”
කන්ඩායමේ එකෙකු එහෙම කීවෙ හදවතින්ම බව මම හොඳටම දැනගෙන හිටිය.. ඔහුට හිනහවකින් සංග්‍රහ කල මම කල්පනා කලේ නවතින්න තැනක් ගැන..
“රුවන්.. මගෙ යාළුවෙක්නම් මේ ළඟපාත ඉන්නව... කොල් එකක් දාල බලමුකො..?”
මට මතක් උනේ හේමන්තව... සුපර් මාකට් එකේ වැඩකරන කාලෙ මමත් එක්ක එකට වැඩ කරපු හේමන්ත මම අයින් වෙන්න මාස කීපයකට කලින් රැකියාවෙන් ඉවත්ව ගිය හැටි මට මතකයි..
“මචං... මට අපේ තාත්ත අඳුනන හාමුදුරු කෙනෙකුගෙ වාහනේක ඩ්‍රයිවින් ජොබ් එකක් ලැබුන බන්.. මං ඒකට යනව... ‍තාත්ත කියනව දුර උනත් කමක්නෑ යන්නලු... පාඩුවෙ කාල බීල කීයක් හරි හොයාගෙන වැටිල ඉන්නත් පුලුවන්නෙ මචං....”
“මචං හේමන්ත කොහෙද ජොබ් එක..? දුර කීවෙ...?”
“ඒ හාමුදුරුවො ඉන්නෙ කතරගම මචං... කතරගම තමයි පන්සල තියෙන්නෙ... ඔය දර්මදේශනා වලට එහෙම රට වටේම යන හාමුදුරු කෙනෙක්ලු..."


හේමන්ත එදා එහෙම කියල යන්න ගියාට පසු යලි ඔහු මුණ නොගැසුනි.. ලඟ තිබුනු දුරකථන අංකයට මා ඇමතුමක් ගත්තේ අංකය දැන් භාවිතයේ ඇත්දෝයි සැකෙන්...
“හෙලෝ හේමන්ත... කොහෙද ඉන්නෙ...”
“ආහ් ජනා... කොහොමද මචං..... මම කතරගම මචං... කොහොමද ඉතින්...”
“අවුලක් නෑ මචන්.. මම හොඳින්..”
“මට ආරංචියි ජනා... උඹට ලොකු කරදරයක් උනාලු නේද? සොරි මචන්.. මම සිද්ධිය දැනගත්තෙ මේ ලඟදි බන්.. මටත් දුකයි මචන් හංසි ගැන...”
“ආහ්... ඒකට කමක් නෑ මචන්...”
“ඉතින් ඉතින්... කියහන්කො... කොහෙද ඉන්නෙ... දැන් මොකද කරන්නෙ..”
“මචන් හේමන්ත... මම කතරගම ඇවිත් ඉන්නෙ.. කොල්ලො 6 දෙනෙකුත් එක්ක.. අපට ටික දවසකට නවතින්න තැනක් සෙට් කරල දියන්.. හම්බවෙලා විස්තර කථා කරමු.."
>>>>>>>>>>>>
පහලින් ඉතිරිය෴

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles