Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

කාරුණික ආයාචනයක්

$
0
0
මගේ යාලුවනේ,ඊයේ දවස මට විශේෂ දවසක්,ඊයේ මගේ බොස් ගේ උපන් දිනය ,එයාල ගැනත් පොඩි වචනයක් කියන්න ඕනේ,ඉතාම ධාර්මිකව ජීවත් වන කතෝලික වැදගත් පවුලක්,හැම උපන් දිනේ දවසක් වගේම මම මුලින් කියපු මගේ බොස් ජූඩ් ෂෙහාන් පෙරේරා මහතා උපන් දිනය ගත කලේ කුලියපිටිය ලදෙනි ළමා නිවාසයේ,මටත් මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුනා,අපි හවස් වරුව ළමා චිත්‍රපට 2ක් ප්‍රදර්ශනය කරලා දීලා, රාත්‍රී ආහාර පිළිගන්වලා අවා,
ඉතින් අද මගේ කාර්මික උපකරණ අපහු අරගෙන එන්න ගිය වෙලාවේ මට මේ ළමා නිවාසයේ පාලිකාව,එනම් කන්‍යා සොහොයුරිය සමග කතා කරන්න අවස්ථාවක් ලැබුනා,මේ අසරණ දරුවන් වෙනුවෙන් පුංචි පුස්තකාලයක් හදල දෙන්න ඇත්නම් කියල මට හිතුන,මම මුලින් පාවිච්චි කරපු මගේ පරිගණකය මම මේ නිවාසයට ලබා දෙනවා,

ඉතින් යාලුවනේ,මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාල ළඟ තියෙනවා නම් පාවිච්චි කරපු ළමයින්ට සුදුසු පොත් ටිකක් මට එකතු කරලා දෙන්න කියල,ඔයාලගේ නම් ගම ලියලම,මේ අසරණ දරුවන් දහස් වතාවක් ඔයාලගේ නම් කියවයි,

ස්තුතියි

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles