Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

C# Lesson - 2 IF condition භාවිතා කිරීම

$
0
0
image
වෙනත් පරිගණක ක්‍රමළේක භාශාවල වගේම C# වලදිත් if condition භාවිතා වෙනවා. ඉතාමත් සරළයි. මුලින්ම මම කියන්නම්කො if condition ගැන යමක්.
if යන්නෙහි සිංහල තේරුම "නම්" , "වුවහොත්" යන්නයි. අපි සරල උදාහරණයකට යමු.
සිසුවාගේ ලකුණු 50ට වැඩිනම්,
ඔහු සමත්ය
නොඑසේනම්,
ඔහු අසමත්ය

If Student's marks is greater than 50,
then he is pass
else,
he is fail

හරි දැන් පේනවානෙ මොකක්ද මේ if කතාව කියලා. if යන කොන්දේසිය සත්‍යනම් සිදුවියයුත්තේ කුමක්ද, එය අසත්‍යනම් සිදුවිය යුත්තේ කුමක්ද කියන එක තමා සරල අදහස.

අවුල කියන්නෙ ඕක පරිගණකයකට තේරුම්ගන්න බැරි එකනෙ. ඉතින් අපි කරන්නෙ පොඩක් වෙනස් විදියට මේක ලියනවා (C# වලින්).මෙතන English වලින් තියෙන්නෙ coding එකේ අනිවාර්යෙන්ම තියෙන කොටසසාපි එකතු කරන්නෙ මොනාද කියලා සිංහලෙන් තියෙන්නෙ.

if (අප ලබා දෙන කොන්දේසිය)
{
කොන්දේසිය සත්‍යනම් මෙතන ලියන දේ සිදුවෙනවා ;
}
else
{
කොන්දේසිය අසත්‍යනම් මෙතන ලියන දේ සිදුවෙනවා ;
}

පහල තියෙන්නෙත් ඔය දේමයි English වලින්.
If (condition)
{
Statement;
}
Else
{
Statement;

}

මම මුලින් දුන්න උදාහරණෙ C# විදියට ලියන්නම්.

if (Student's marks>50)
{
he is pass;
}
else
{
he is fail;

}

මෙතනදි මම Greater than 50 වෙනුවට >50 කියලා දැම්මා. තේරෙනවනෙ දෙකෙන්ම වෙන්නෙ එකම දේ කියලා.එහෙම ලියන්නෙ පරිගණකයට තේරුමගත හැකිවෙන්න.මම ඊළඟ ලිපියෙන් ">50" වගේ ඒවා භාවිතා කරන හැටි කියන්නම්.
එහෙනම් දැන් බලමු Nested if කියන එක.මෙතනත් වෙන්නෙ කලින් දේමයි ,නමුත් අපිට කොන්දේසියක් තුල තවත් කොන්දේසියක් ක්‍රියාත්මක කරන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. උදාහරණෙකට යමු.සිංහලෙන් දැම්මා තේරුම්ගන්න පහසු වෙන්න.

සිසුවාගේ ළකුණු >75 නම්
{
A සාමාර්ථයක් ලබා දෙන්න
}
නොඑසේනම් සිසුවාගේ ළකුණු >65
{
B සාමාර්ථයක් ලබා දෙන්න
}
නොඑසේනම් සිසුවාගේ ළකුණු >50
{
C සාමාර්ථයක් ලබා දෙන්න
}
නොඑසේනම් සිසුවාගේ ළකුණු >35
{
S සාමාර්ථයක් ලබා දෙන්න
}
නොඑසේනම්
{
W සාමාර්ථයක් ලබා දෙන්න
}

දැන් පේනවානෙ මම සිසුවාගේ ළකුණු අවස්ථා කිහිපයකදීම ලබාගෙන, කොන්දේසියක් මත තවත් කොන්දේසියක් ක්‍රියාත්මක කරා.එහෙනම් C# විදියට ලියනවානම් අනුගමනය කරන්නෙ ඉහත පියවරමයි.
Else කොටසට IF එකතු වෙලා,කොන්දේසිය අසථ්‍යනම් තවත් කොන්දේසියකට යනවා.

If (condition)
{
Statement;
}
Else if(condition)
{
Statement;
}
.
.
.
.
Else if(condition)
{
Statement;
}
Else
{
Statement;
}
හැමෝටම සුභ පැතුම් , If conditon භාවිතා කරන අවස්ථාවන් ඉදිරියට දෙන්නම් :)

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles