Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?

$
0
0
බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව >Visual Studio 2010 Express Download
image
එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ.
image
මෙහිදී ලැබෙන window එකෙන් project එකට නමක් දීලා OK කරන්න.
දැන් තියෙන්නෙ design පැත්ත. C# වලින් හදන පලවෙනි software tutorial එක නිසා මම සරල අතුරුමුහුණතක් සාදන්නම්.
මෙයට අවශ්‍යවෙන්නෙ,
Text Box එකක්
Browser එකක්
Button 3ක්
තමා.එහෙනම් ඔය දේවල් ලබා ගන්න Toolbox එකෙන්.
image
පහත ආකාරයට එම Controls ලබා ගැනීමට ඒ controls මත double click කර ලබා ගන්න.පසුව ඒවා තමාට කැමති ආකාරයට form එක මත පිහිටුවන්න.
image
හරි දැන් Button වලට නම් දාමු.
මේකට අපිට අවශ්‍ය වෙනවා properties window එක.ඒක ලබා ගන්න Ctrl+W ඔබන්න.
ඔයාට නම වෙනස් කරන්න ඕනෙ button එක click කරලා (Double click නෙවේ) properties window එකේ text කොටසට යන්න.
image
ඉතින් ඔය විදියට අනෙක් button 2ටත් text ලබා දෙන්න, Forward සහ Back ලෙස.
ඔයාලා කැමති විදියට මේ controls ලස්සන කරගන්න ඔය properties window එකෙන්.
ඔතන උඩම තියෙනවා name කියලා property එකක් ,ඒකෙන් කියන්නෙ text property එක නෙවේ, එතනදි ලබා දෙන නම තමා මෙහි කේතය නොහොත් Code එකට බලපාන්නෙ.ඔයා කැමතිනම් ඒවාටත් btnGo , btnBack වගේ නම් ලබා දෙන්න, එතකොට code එක බලන කෙනාට ඒක තේරුම්ගන්න පහසු වෙනවා.
හරි දැන් Design කොට ඉවරයි.එහෙනම් coding එකත් පටන් ගමු. මුලින් මන් කිව්වෙනෙ button වගේ controls double click කරන්න එපා කියලා ඒ මොකද එහෙම කරොත් යන්නෙ ඒ control එකට අදාල කේතය ලියන තැනට.හරි දැන් බය නැතුව double click කරන්න Go button එක.
private void button1_Click(object sender, EventArgs e)
{

}
ඔහොම තැනකට ආවනම් වඩේ ගොඩ.
අපි ඔය වරන් දෙක මැද්දෙ තමා ලියන්නෙ මේ buton එක click කරාම මොකද වෙන්න ඕනෙ කියලා.ඉතින් මෙතනදි වෙන්න ඕනෙ අර textbox එකට දෙන web සියිට් එක browser එකෙන් පෙන්නන එකනෙ.එහෙනම් ලියමු Coding එක.
private void button1_Click(object sender, EventArgs e)
{
this.webBrowser1.Navigate(textBox1.Text);
}
ඔය වරන් දෙක මැද්දෙ තියෙන කොටස තමා ඒ button එකට තියෙන්නෙ.
ඉතුරු button දෙකෙන් කරන්නෙ browser එක ආපස්සට හා ඉදිරියට අරගෙන යන එකනෙ, එහෙනම් ඒ දෙකටත් coding දාමු.
මේ තියෙන්නෙ back button එකට.
private void button2_Click(object sender, EventArgs e)
{
webBrowser1.GoBack();
}
මේ තියෙන්නෙ forward button එකට.
private void button3_Click(object sender, EventArgs e)
{
webBrowser1.GoForward();
}
වැඩේ හරිනම් උඩ තියෙන debug button එක ඔබලා browser එක වැඩද බලන්න.
imageimage
ඉතින් යාලුවනේ පහල පින්තූරෙ තියෙන godzila browser එකේදිත් මම පාවිච්චි කලේ මෙවනි සරල coding තමා.ඉදිරියේදී ඒවා ගැනත් කතාකරනවා පලවෙනි tutorial එක නිසා සරල software එකක් හදන්න කියලා දුන්නා.Comments එහෙම ලැබෙන විදිය බලලා ඉදිරි ලිපිත් අරන් එන්නම්කො.image

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles