
දත්ත ගබඩා කිරීම ආරම්භවන්නෙ Smart Phone එකට දාන චිප් එකෙන්වත් මැශිමෙ Hard එකෙන්වත් නෙවේ. මුලින්ම වැඩේට බැස්සෙ ගල් යුගගේ අය. එයාලට තිබ්බා පොඩි Database එකක්, Store වුනේ ගල් ගුහාවල, එයාලා දවසගානෙ කරපු දඩයම් මේ Database එකේ Save කරලා, ගල් වගේ දේවල් වලින් ඔය ගුහාවල බිත්ති හූරලා සත්තුන්ගෙ රූප ඇඳලා. ඉස්සර ඊජිප්තු වැසියො තමන්ගෙ වටිනා දත්ත සටහන් කළේ පිරමීඩ බිත්තිවල රූප ඇඳලා.මෙසපොතේමියන් ශිශ්ථාචාරයෙන් තමයි දත්ත ගබඩා කරන එක මැටි පුවරු වලට ආවෙ.ඒත් ඊජිප්තු වැසියන් ඉතින් පැපිරස් කොළවල ලියන්න ගත්තා. ඉන්දියාවෙ අශෝක රජතුමා අශෝක ස්ථම්භ වල (මතක හැටියට කියන්නෙ ගැටලු ඇති) තමන්ගෙ දත්ත ගබඩා කරා, අද මම මෙහෙම පූජාවක් කරා, අසවල් ප්‍රදේශයට ගියා... එතකොට අලුවිහාර සංගායනාවත් එක්ක තමයි අපිට පුස්කොලපොත්වල දත්ත ගබඩා කරන්න ගත්ත විදිය ගැන අසන්න ලැබෙන්නෙ, දන්නෙ නැති අයටයි කියන්නෙ වලගම්බා රජසමයේ මාතලේ අලුවිහාරෙදි පුස්කොලපොතකට ලියැවෙන්නෙ බුදු දහමෙ වැදගත්ම ග්‍රන්ථය වන තිපිටකය. ඉස්සර සිංහල වෙදමහත්වරු ලියපු වටිනා පුස්කොලපොත්, මේවා මිල කල නොහැකි දත්ත සමුදායන්, ඒත් සුද්දගෙ සල්ලි වෙනුවෙන් අපේ මුතුන් මිත්තො එව්වා රට පටවලා දැන් එයාල අපේ බෙහෙත් හදලා අපිට විකුනනවා.ඉතින් අපේම බෙහෙත් පිටරටින් ගෙන්වනවා ලොකු ලොකු ගනන් වලට. කොහොමින් කොහොමින් හරි ඉතින්, ඔය අතරවාරයේ චීනෙ අය කඩදාසි හදන්න ගන්නවා, එයාලාගෙ දත්ත ගබඩා කිරීමේ තාක්ශණය අදටත් භාවිතා වෙනවා, පොත් පත්තර විදියට. විවිධ අරමුණු තකා විවිධ ක්‍රම භාවිතාකොට දත්ත ගබඩා කිරීම මෙලෙසින් ආරම්භ වෙනවා.
පරිගණකය හදන්න මුල් වෙච්ච හේතු ගැන. ඉස්සර මචන්ලා ඒ කියන්නෙ ගොඩක්ම ඉස්සර මිනිස්සු ගොවිතැන් කළා, හරක් බලාගත්තා, මචන්ලා දැන් ලොකු ලොකු වාහන තියෙනවා වගේ තමයි ඉස්සර හරක් රෑනක අයිතිකාරයෙක් වෙනවා කියන්නෙත්. ඉතින් මේ ගොපල්ලු තමන්ගෙ හරක් පට්ටිය ආරක්ශා කරගන්නවා පණ වගේ, උදේට නිදහස් කරන හරක් ටික ආයෙ ගාලට ගන්නෙ හවස් වෙලා, ඒත් ඉතින් මේ මනුස්සයට ටික දවසකින් තේරෙන්න ගන්නවා සැට් එකේ හරක් එන්න එන්න අඩු වෙනවා කියලා. මොකද කරන්නෙ ඉතින් මෙයා අතේ තියෙන ඇඟිලි ගනන් කරලා හරක් ගාන හදාගන්නවා, හැබැයි ඉලක්කම් කියලා ජාතියක් නම් තිබ්බෙ නෑ. අපොයි ඒත් Data ටික Store කරන්න Memory මදි වෙනවා, ඇයි හත්දෙයියනේ අතේ තියෙන්නෙත් ඇඟිලි 10යි, ඒත් පට්ටියෙම ඉන්නවා අඩුම හරක් 30ක්වත්. මොකද කරන්නෙ? ආ ආවා Idea එකක් කියලා ගොපල්ලා එකතුකරගන්නවා පොඩි කෝටු කෑලි ටිකක්, මෙයා කරන්නෙ උදේ පට්ටිය ලෙහලා යන්න අරිද්දි එක ගොනෙක් පිට වෙද්දි එක කෝටුව ගානෙ ගොඩ ගහගන්නවා. ආයෙ හවසට මුන්ව ගාලට දාද්දි අර කෝට එක එක වෙන ගොඩකට ගහනවා එකාට එක ගානෙ, මෙතනදි එක කෝටුවක් හරි ඉතුරු වුනොත් ගොපල්ලට දැනගන්න ලැබෙනවා හරක් යවපු ගානම ඉන්නවාද නැත්නම් අඩුවෙලාද කියලා. ඔන්න ඔහොමයි වැඩේ පටන් ගන්නෙ.
ඔන්න ඉතින් මිනිස්සු ඉලක්කම් කියන එකත් හොයාගත්තලු, හැබැයි මචන්ලා සංඛ්‍යා හා ගණිතකර්ම අති ගත්තම් ඉන්දියාවෙත් පට්ට මීටර් ඉඳලා තියෙනවා. දශම සංඛ්‍යා , 0 එහෙමත් ආවෙ එයාලගෙන්නෙ ඔය ඉගෙනගන්නෙ වෙයිදික යුගය කියලා එකක්. හ්ම් එව්වා වැඩක් නෑ දැන් ගොපල්ලුන්ට විතරක් නෙවේ ව්‍යාපාර වැඩවලටත් වටිනා කියන ඉලක්කම් හොයාගත්තට පස්සෙ මෙව්වා එකතු කරන්න අඩු කරන්න වගේ වැඩ එක්ක කචල් යන්වා කස්ටියට, මොකද කරන්නෙ ලොව පළමු ගණක යන්ත්‍රය වන ඇබකසය (Abacus) හොයාගන්නවා (කි. පූ. 500 පමණ), පොඩි කාලෙ නම් මේකෙන් ගනන් හදලා ඇති නේද ඔයාලා? කොහොමින් කොහොමින් හරි මෙහෙම තමයි වැඩේ පටන් ගන්නෙ. ඔව් ඊළඟට කියන්න යන්නෙ නේපියර් ගැන තමා. මෙයා ඇත් දළ වල ඉලක්කම් ලියලා පොඩි උපකරණයක් හැදුවා ලගු ගණක වලින් ගනන් හදන්න. ඒක තමයි ඊළඟ පියවර.

මෙතනින් පස්සෙ තමයි අපි කවුරුත් දන්න Charlse Babbage මහතාගෙ පරිගණකය් නිපදවෙන්නෙ. එය වාශප එන්ජිමකින් ක්‍රියාකළ අතර Hard Disk එකක් නොතිබුණ එහි දත්ත ගබඩා වූයේ Punch Cards වලය. ඉන් පසුව චුම්භක පටි (Cassette tapes තියෙන්නෙ ඒවාම තමයි ඒත් ප්‍රමාණයෙන් විශාලයි) භාවිතා වුනා දත්ත ගබඩා කරන්න. ඉතින් මේ චුම්භක පටි අවසානයේ චුම්භක තැටි බවට පත් වෙලා තමයි Hard Disk හැදුනේ.