Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Java Swing Application 1

$
0
0

ඔන්න හා හා පුරා කියල අපි java වලින් software එකක් හදන්නයි යන්නේ.අපි මේ ලිපි පෙළ ඉවර වෙද්දී Student Management System එකක් ,Mini Stock Management System එකක් සහ Complete Stock Management System(Part Payments,System Backups,Reporting With iReport) එකක් මුල සිට සරලව හදාගන්න විදිහ කියල දෙනවා.පටන්ගද්දිම කියන්න එපැයි,මේ පාඩම් ටික Campus එකේ ඉන්න අපෙ යාළුවන්ට නම් ගොඩක් වැදගත් වෙනවා.ඔයාල 4th Year එක වෙද්දී project එකක් submit කරන්න ඕනනේ.මගෙත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් අනිවාර්යයෙන් ඔයාට ඒ project එක තනියම කර ගන්න පුළුවන්.ආය ඒකෙ දෙකක් නෑ හොදේ.එහෙනම් වැඩේ පටන් ගමු.
අපි java වලින් project හදන්න tools පාවිච්චි කරනවා.eclips,NetBeans වගේ ඕන තරම් tools අපිට පාවිච්චි කරන්න පුළුවන්.මේ වගේ tools වලට අපි කියනවා CASE(Computer Aided/Assisted Software
Engineering) tools කියල.අපි පස්සේ තව ටිකක් ඒ ගැන කතා කරමුකෝ.අපි පාවිච්චි කරන්නේ NetBeans කියන tool එක.ඔයාල ලග ඒක නැත්නම් මේ ලින්ක් එකෙන් ගිහින් ඒක download කරගන්න.

https://netbeans.org/

NetBeans වලින් අලුත් project එකක් ගන්නේ මෙහෙමයි

මුලින්ම ඔයාල NetBeans software එක open කරගන්න.ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ උඩම තියන,

File ------> New project යන්න
image

ඊට පස්සේ එන window එකේ ,

Java -----> Java Application තෝරන්න.ඊට පස්සේ Next කරන්න.


image

ඔන්න ඊට පස්සේ ඔයාට එනවා ඔයාගේ project එකට නමක් දාන්න තැනක්.දැන් ඉතින් හොද නැකතක්, වෙලාවක් එහෙම බලල ලස්සන නමක් දාන්නයි තියෙන්නේ :) :) .මතක ඇති නේද Sun’s Java Code Conventions කියල theory පාඩමක් තියනවා.ඒවාට අනුව තමයි නමක් දාගන්න ඕන.ඔයාලට ඒව මතක නැත්නම් පොඩ්ඩක් මට කියන්න.මම පස්සේ දවසක කියල දෙන්නම්.


image



ඔන්න මම මගේ project එකට MyFirstProject කියල නම දැම්මා.දැන් ඉතින් Finish කරන්න තමයි තියෙන්නේ.වෙන මොකුත් දැනට වෙනස් කරන්න හදන්න එපා.මම Highlight කරල තියන තැන ඔයාගේ project එකේ නම විතරක් දාන්න.ඔන්න එතකොට ඔයාලට ඔයාලගේ අලුත් project එක ලැබෙයි.සතුටුයි නේද.අමාරුවෙන් හැදුව පලවෙනි project එකනේ.අපි මුලින්ම ඔයාලගේ project එකේ structure එක ගැන කථා කරමුකෝ.බලන්න ඔයාලගේ project එකත් මේ වගේද කියල.

ඔයාලගේ NetBeans වල වම් අත පැත්තේ projects කියල එකක් ඇති.එකේ උඩ click කලාම ඔයාට ඔයාගේ projects බලාගන්න පුළුවන්.

image
ඔන්න මම අලුතින් හදපු මගේ project එක select කර ගන්නයි හදන්නේ.ඔයාලට පේනවා ඇතිනේ ඔයාගේ තේ කෝප්පේ ලග(කොහෙද බලන්නේ?මේස උඩ තියන තේ කෝප්පේ නෙමෙයි.මේ NetBeans project වල තියෙන්නේ ) + ලකුණක් තියනවා.ඒක click කරන්න .දැනටමත් එක click වෙලානම් මොකුත් කරන්න ඕන නෑ.ඒකෙ ඇතුලේ Sourse package කියල එකක් ඇති.එකෙත් අර + ලකුණ click කරන්න. එතකොට මේ වගේ ඔයාට ඔයාගේ project එක පෙනෙයි.

image


ඔයාගේ Sourse package එක ඇතුලේ තියනව නේද ඔයාගේ project එකේ නම, simple අකුරු වලින් ලියපු package එකක්.හොදට මතක තියාගන්න අපි වැඩ කරන්නේ ඒ package එක ඇතුලේ.ඔය Libraries කියන package එකත් ගොඩක් වැදගත්.අපි NetBeans වලින් වැඩ කරද්දී තව ගොඩක් දේවල් පිටින් ගන්න වෙනවා.දැන් මේ කියන දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.එත් බයවෙන්න එපා.අපි practically ඒව භාවිතා කරද්දි ඔයාලට තේරෙයි.දැනට මතක තියාගන්නකො,අපි පිටින් දේවල් NetBeans වලට ගද්දි ඒව දාන්නේ Libraries package එකට.අපි ඊලග පාඩමෙන් බලමු කොහොමද NetBeans වලින් පොඩි app එකක් හදාගන්නේ කියල.එහෙනම් හැමෝටම ජය...ඊලග පාඩමෙන් හමුවෙමු
මධුර දිල්ශාන්...

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles