
අද මම කතාකරන්නෙ යාලුවනේ C# වලදි භාවිතා වෙන Controls ගැන.මීට පෙර ලිපියකදි මම කතා කරා Controls වලට name එකක් ලබා දෙන අවස්ථාවක්.(Name property එක)ඉතින් ඒ පිළිබඳ තමා මේ කියන්නෙ.
මුලින්ම බලමු Control එකක් නම් කරන්නෙ කොහොමද කියලා,
මෙන්න syntax එක.
එක් එක් control එකට අදාල වන prefix තිබෙන අතර ඒ ඒ control එක නම් කරන විට එයට ආවේනික prefix එක භවිතා කළ යුතුය (උදා:- txt , lbl , btn..). Identifier කොටසට ලබා දෙන්නෙ අපට එයා පහසුවෙන් හඳුනාගැනීමට නමකි (උදා:- Name, Bdate , Addres ).
හරි අපි දැන් බලමු C# වලදි භාවිතා වෙන Controls වල අදාල prefixes සහ එයට identifier එකක් ලබා දෙන අවස්ථාවන්ගේ උදාහරණ.

මේ කියන Control Name එක තමයි Properties Window එකේ Name කොටසින් පෙන්වන්නෙ.
Controls වලට Names ලබා දීමේදී බලපාන කොන්දේසි.
Identifier කොටස ආරම්භ විය යුත්තේ Capital අකුරකින්ය.(txtNumber).
Prefix කොටස ආරම්භ විය යුත්තේ Simple අකුරකින්ය.(txtNumber).
Prefix එක හා Identifier එක මැද කිසිදු හිස්තැනක් තබන්නේ නැත.
Prefix එක හා Identifier එක අතර (_) Underscore එක හැරුණුකොට විරාම ලක්ශණ වැනි Symbols භාවිතා කළ නොහැක.
Sources - (Diploma in Information Technology (DiTEC) - ESOFT)