පරිගණක තාක්ෂණික ෆෝරම් එකක ටෝස්ටරය ගැන කතාකරනවා කියන එක ටිකක් හිනායන දෙයක් වෙයි නේද, :sukses පරිගණක තාක්ෂනය ගැන මගේ තියෙන දැනුම ඉතා අල්පයි, උසස් පෙළ ඉවර වෙනවත් සමගම රැකියාවකට යාමට සිදුවීම මත පරිගණක අධ්‍යාපන අවස්ථාවක් නොලැබීම ඊට හේතුවයි, නමුත් හිතේ තිබුණු ආසාව නිසාම යම් තරමක් දුරට හරි තනිවම ඉගෙන ගැනීමට හැකි වීම ගැන ගොඩක් සතුටු වෙනවා, මේ වගේ ෆෝරම් තුලින් මම ඉගෙනගත් දේ බොහොමයි,
ටෝස්ටරය ගැන මගේ අදහස නම් ගොඩක් අසාවෙන් අරන් යන 5 වතාවකට වඩා පාවිච්චි නොකරන උපකරණයක්, මෙහෙම කියන්න හේතුව අලුත් වැඩියා කටයුතු වලට ටෝස්ටරයක් එන්නේ බොහොම කලාතුරකින්,ටෝස්ටරයක් මිලදී ගන්නා කෙනෙක් මුල්ම දවසේ අසාවෙන් පාවිච්චි කලත් මේකෙන් ආහාර සකස් කර ගන්න තියෙන අපහසුකම නිසාම පැත්තකට දමනවා, සැන්ඩ්විච් එක මැදට දාන්න මොනවා හරි හදාගන්න ඕනේ, පෙති දෙකක් හදන්න ටික වෙලාවක් යනවා, එක සැරයක් හදල අනිත් එක හදනකොට මුලින් හදපු එව්වා අතුරු දහන්, මේවා තමයි ඇත්තම හේතු, අනිත් දේ තමයි 6ක් විතර ඉන්න පවුලක උදේ කෑමට ටෝස්ට් හදනවා නම් පාන්දර 2ට වත් පටන් ගන්න වෙනවා, ඒ හින්දම ගෘහනියන් විසින් හිතාමතාම මේ වැදගත් උපකරනය අමතක කරලා දානවා, මාධව නම් දන්නවා ඇති,
ටෝස්ටරයකින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද,
1 රසවත් සැන්ඩ්විච් එකක් හදා ගන්න පුළුවන්,
2 කෙටි අහාර වලට හුරු වුනු අයට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්,
3 කුඩා දරුවන්ට විවිද රසැති අමතර අහර හදාගන්න පුළුවන්,
4 පහසුවෙන් අවන් එකක් නැතිව කේක් හදා ගන්න පුළුවන්, ( මේ කතාවට නම් හිනා වෙන්න එපා, ගොඩක් අය මේ ගැන දන්නේ නෑ,)
ටෝසටර් ප්‍රබේධ මොනවද,
1 සාමාන්‍ය ටෝස්ටරය,
මේකට ඇත්තටම කියන්නේ සැන්ඩ්විච් මේකර් කියල, මේක තමයි ගොඩක් ගෙවල් වල තියෙන්නේ, මම මුලින් කිව්ව කේක් හදන වැඩේ කරන්න පුළුවන් වෙන්නෙත් මේකෙන්ම තමයි,
2 පොප් අප් ටෝස්ටරය,
මේක නම් ගොඩක් ය තෝරා ගන්නේ නැති මාදිලියක්, නමුත් මේක තමයි නිවෙසකට වටිනාම ටෝසටරය, ඔයාල දැකල ඇති ( බටහිර චිට්‍රපටයකින් හරි) පාන් පෙති කිහිපයක් ඇතුල් කරලා ක්‍රියා කරවලා ටිකවෙලාවකින් කර වෙලා උඩට එසවෙන විදිහේ උපකරණයක්, මේකට තමයි පොප් අප් ටෝස්ටර් කියන්නේ, මේ උපකරණයේ තියෙන වැදගත් කම තමයි පාන් වල ඇති පිපුම් කාරක ඉවත් කිරීම, පාන් හදනකොට පිපුම් කාරක යොදාගන්නවා, දර පෝරණු වල පාන් වල නම් පිපුම් කාරක අඩුයි, නමුත් අවන් වලින් පාන් හදන තැන්වල නම් පිපුම් කාරක ගොඩක් යොදා ගන්නවා, ඒ නිසයි ඒ තැන්වල පාන් ලොකුවට ලස්සනට තියෙන්නේ, මේ පාන් අනුබව කල පසුවත් මේ පිපුම් කාරක ක්‍රියා කරනවා, මේකෙන් වෙන්නේ අපේ ආමාශයත් පාන් වගේම පිම්බෙන එක, ගැස්ට්‍රයිටීස් තියෙන යට අවන් පාන් කන්න එපා කියන්නේ ඒ නිසයි, නමුත් දර පෝරණු පාන් හොයා ගන්න එකත් ටිකක් අපහසුයි, අපිට පොප් අප් ටෝස්ටරය වැදගත් වෙන්නේ මේ වෙලාවටයි, අපි පාන් පෙත්තක් මෙමගින් කර කර ගන්න විට එහි තවමත් ක්‍රියා කාරී තත්වයේ ඇති පිපුම් කාරක දවාලනවා,
3 වොෆල් මේකර්,
මේකත් මුලින්ම කිව්ව සාමාන්‍ය ටෝස්ටරයම තමයි, වෙනසකට තියෙන්නේ ත්‍රිකෝණාකාර ප්‍රස්ථ වෙනුවට විවිද හැඩ එකතු කර තිබීමයි,
ටෝස්ටරයේ ඉතිහාසය ගැන විස්තරයක් වෙනත් ලිපියකින් ඉදිරිපත් කරන්නම්