Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

Typography කරන්න නියම ටූල්ස් සෙට් එකක් ( Web Designers ලට )

$
0
0
Typography කියන්නෙ මේ දවස් වල වෙබ් ඩිසයින් ගැන කතා කරද්දි නැතුවම බැරි දෙයක්. 2015 Web Design Trends වලින් උඩින්ම Typography ත් තියෙනවා. මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ඔයාල දැකලා තියෙනවානේ typography designs use කරලා හදපු වෙබ්සයිට්. පහලින් examples ටිකකුත් දැම්මා.

image
image
image

හරි. දැන් දන්නවානේ Typography කියන්නෙ මොකක්ද කියලා. අද මම Typography ඩිසයින්ස් කරන/කරන්න කැමති අයට ‍වටින කියන ටූල්ස් ටිකක් දෙන්න තමයි ලෑස්ති උනේ. එහෙනම් පහලින් දාන්නම් එකින් එක.

CSS Type Set

image

මේකෙන් ඔයාලට ටෙක්ස්ට් එක කැමති විදිහකට හදාගෙන ඒකෙ CSS කෝඩ් එක ගන්න පුලුවන්.

flipping typical

image

මේ ටූල් එකත් ගොඩක් වටිනවා. ඔයා සාමාන්‍යයෙන් Typography ප්‍රොජක්ට් එකක් කරන කොට ෆොටෝෂොප් වල ෆොන්ට් දා දා ගැලපෙන ඒවා හොයන්න වෙනවා. නමුත් මේ ටූල් එක බාවිත කරනවා නම් එහෙම ඕනෙ නැහැ. පහසුවෙන්ම ඔයාට කැමති ස්ටයිල් එකක් තෝර ගන්න මේ ටූල් එක උදව් කරනවා. site එකේ උඩ තියෙන සුදු පාට බාර් එකේ ඔයාගේ ටෙක්ස්ට් එක ඕනෙ විදිහට ටයිප් කරන්න. ඊට පස්සෙ පහලින් පෙන්වයි ඔයාගේ කම්පියුටර් එකේ තියෙන හොද ෆොන්ට් වලින් ඒ ටෙක්ස්ට් එක පේන විදිහ. එතනින් ඔයාට ගැලපෙන ටෙක්ස්ට් එක තොරගන්න ලේසි වේවි.

Typetester

image

මේකත් ඔයාලට වටින ටූල් එකක් වේවි. text එකක් ලේසියෙන්ම එඩිට් කරගන්න මේක යූස් කරගන්න පුලුවන්.

WhatTheFont
image

මේ ටූල් එකෙන් ඔයාට පුලුවන් මොකක් හරි ඉමේජ් එකක යූස් කරලා තියෙන ෆොන්ට් එක මොකක්ද කියලා හොයාගන්න. සමහර වෙලාවට නම් මේකෙන් ෆොන්ට් හොයාගන්න බැරි වෙන අවස්තාවලුත් තියෙනවා. නමුත් මේකෙන් සැලකිය යුතු වැඩක් කරගන්න පුලුවන්.

ඔයාල දන්න මේ වගේ ටූල්ස් එහෙම තියෙනවා නම් පහලින් දාගෙන යන්න.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles