Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

ඔයා බැඳලද (Emsa Port Blocker)

$
0
0
කොහොමද කට්ටිය. මම ඔන්න අදත් ආවා තවත් පොඩි වැඩක් අරගෙන. මාතෘකාව දැක්කම හිතයිද දන්නේ නැහැ මම කපුකමක් කරන්න යනවා කියලා. අපෝ නැහැ තවම එහෙම වැඩක් ගැන හිතුවේ නැහැ. අදත් මම දෙන්නේ පොඩි Tool එකක් මේක ඇත්තට ඔයාලට දෙන්න හිතුනේ ඊයේ පෙරේදා මම වැටුනු පොඩි කරදරයක් නිසාමයි. මේක මට සෙට්වෙච්ච හොඳ Tool එකක් කියලා කියන්න පුළුවන් එහෙනම් අපි බලමු මොකද්ද මේ Tool එක කියලා

image


මේක Port Block කරන්න ගන්න Tool එකක්. Port ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් තේරෙන්නේ නැහැ. ඒත් මේකෙන් ඔයාලාට ඔයාලගේ පරිගණකය ඔයාලට නොදැනී අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා තියෙන තියෙන සම්බන්ධතා බලලා අන්න ඒ සම්බන්ධතා වල Remote Ports හරි Local Ports හරි Block කරන්න පුළුවන්. එම අනවශ්‍ය සම්බන්ධතා Block වීමෙන් ඔයාලගේ Net Speed එක උපරිම කරගන්න පුළුවන්. Net Slow වෙච්ච අයට මේක ගොඩාක් වටිනවා. ඒ වගේම අනවශ්‍ය තොරතුරු පිටට යන එක වැළකෙන නිසා පරිගණක ගත තොරතුරුවල ආරක්ෂාව තහවුරු වෙනවා. මේ මම දෙන Tool එක Free දෙන නිසා තවත් පහසුවක්. එහෙනම් පහළ ලින්ක් එකෙන් මේ Tool එක Official Site එකෙන්ම බාගන්න.

Download Link
image

හරි එහෙනම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහළින් දාන්නකෝ. තව පුළුවන්නම් මේ පොස්ට් එක නිසා ඔයාලාට මොකක් හරි ප්‍රයෝජනයක් උනානම්. යටින් මේ ගැන අදහස් එහෙමත් දාන්න. අඩුම තරමේ බැනලා හරි යන්නකෝ. ඔයාලාගේ අදහස් මට ගොඩාක් වටිනවා. මොකද ඔයාලගේ අදහස් තමයි මම උපයන එකම ධනය.

එහෙනම් මම දැන් යනවා. ආයෙමත් තවත් අලුත් පොස්ටුවකින් හමුවෙමු.

*උපුටා ගැනීම - http://black-pc-tricks.blogspot.com/

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles