Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

එකතුව ගැන ඔබේ අදහස කවියකින්, විරිඳුවකින්, නිසඳැසකින් දක්වන්න..

$
0
0
මේක නිකන් තරමක් විකාර වගේ, පිස්සු වගේ අදහසක් වගේ තමයි.. ඒත් පුළුවන් කෙනෙක් ඉන්නවානම් එකතුව ගැන තමන්ට දැනෙන දේ, එකතුවෙන් ලැබෙන ප්‍රයෝජන වගේ අදහස් කවියකින්, විරිඳුවකින් හෝ නිසඳැසකින් දාන්න.. මමත් මහා කවියෙක් නෙමෙයි.. පොඩ්ඩක් ගලපගන්න පුළුවන්. එච්චරයි.. ඒ නිසා පුළුවන් විදියට දාන්නකෝ කස්ටිය... එකතුවෙන් අපි හැමෝටම ලැබෙන දේට ස්තූතියක් වෙයි කියලා හිතනවා.. මේක නොගැලපෙන අදහසක්, විකාරයක් වගේ දැනුනොත් ඒ ගැනත් කියන්න කියලා ඉල්ලනවා.. ඒ නිසා බොහොම විවෘත සාකච්ඡාවක් මේක.. මං මගේ අදහස පොඩි විරිඳුවකින් වගේ දාන්නම්.. නිසඳැස් නම් මේ තරමින්වත් ගලපගන්න අමාරුයි මට..

එකතුව යන නමේ ලෙසම සැම දෙන එකමුතුවෙනවා..
දන්නා දේ හැමදෙනාම බෙදා හදා ගෙන යනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

සැවොම නිතර යන එනවා.. හොඳ හොඳ දේ ගෙන එනවා..
දැනුවත් වෙන අපි සැමෝම ඒ හැමටම පින් දෙනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එකතුව කරගෙන යන ඇඩ්මින්ලට අපි පින් දෙනවා..
හැමෝම වෙනුවෙන් කරනා මෙහෙවර අපි අගයනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

ඉරිසියාව කුහක කමක් මම නම් නැහැ මෙහි දකින්නේ..
හැමදෙනාම අනික් අයට නිතරම අත හිත දෙන්නේ..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එක එක විෂයන්වල දේ එකම තැනින් ලැබ දෙන්නේ..
එකතුව දිගු කල් වැජබෙන්නට අපි සැම සුභ පතන්නේ..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එකතුවට ජය වේවා..!!
එකතුවේ සැමටම ජය වේවා..!!

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles