
ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 9 ( Windows-9) හි පෙර නිකුතුවක් ලබන සැප්තැම්බර 30 වැනිදා වන විට නිකුත් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වේ.
අදාල පෙර නිකුතුව සිදු කරනු ලබන්නේ මෘදුකාංග නිෂ්පාදකයින්ගේ පහසුව සඳහාය.
මෙම සංස්කරනය සමග සමහර අංගයන් නොපැමිනීමක් හා එහි පසු සංස්කරන සමග ඒවා නිකුතුවට ඉඩ ඇති බවක්ද සමාගම සඳහන්කර ඇත.
එහි සංකේත නාමය “Threshold” ලෙස යොදා ගැනීමට නියමිතව ඇති බවද පැවසේ.
මයික්‍රෝ සොෆ්ට් සමාගම් ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ වින්ඩෝස් 9 යේ පෙරහුරුව ලබන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල නිකුත්වනු ඇති බවයි.