Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

SEO 5 - මොකක්ද මේ GOOGLE PAGE RANK

$
0
0
image

කලින් SEO ගැන ලිපියෙන් Search Engine Websites පිලිබඳ තොරතුරු ලබාගෙන, ගබඩා කරගෙන Search Results පෙන්නන විදිය ගැන පැහැදිලි කළා.

අද අපි කතා කරන්නේ ලෝකේ වැඩිපුරම භාවිතා වන සහ SEO සඳහා ගොඩක්ම වැදගත්වන Google Search Engine එකෙන් හඳුන්වා දුන්නු දෙයක් ගැන.

මොකක්ද මේ Page Rank කියන්නේ..?

ඇත්තෙන්ම Page Rank කියන්නේ Google Search Engine එකේදී යම් Website එකකට ලැබෙන පිළිගැනීම නැත්නම් තත්වය පෙන්නන්න යොදාගන්න එක දර්ශකයක්. මේක Google හි සම නිර්මාතෘවරයෙකු(Co-Founder) වන Larry Page විසින් හඳුන්වා දුන්නු දෙයක් බවයි සඳහන් වෙන්නේ. මේකෙදි Website සඳහා 0 ත් 10 ත් අතර අගයක් ලබාදෙනවා. අවම අගය 0. උපරිම අගය 10. එත් 10 නම් ලැබුණු Websites නම් මම මෙතෙක් දැකලත් නැහැ. කොටින්ම Google.com සඳහා ලැබෙන්නෙත් 9 (9/10). එක තමයි උපරිම අගය. මේ Page Rank 1න් කියවෙන්නේ Google Search Engine එක මගින් අපේ Website 1ට ලබා දී ඇති තත්වයයි. මෙය ගණනය කරන ක්‍රමය එයාලටම ආවේනික එකක්. කොටින්ම මේ Page Rank 1 ගණනය කරන ක්‍රමේට සහ මේ Google Page Rank කියන 1ට Google සමාගමට Patent බලපත්‍රයකුත් තියෙනවා.

යම් Website එකක Page Rank 1 දැනගන්න මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒකෙ ඔයාලට Page Rank එක දැනගන්න අවශ්‍ය Website එකේ Address එක දීලා බලන්න.

http://www.prchecker.info/check_page_rank.php

සමහරවිට යම් Websites සඳහා Page Rank එක ඉලක්කමක් වෙනුවට N/A කියල එන්න පුළුවන්. ඒකෙ තේරුම ඒ Website එක සඳහා Page Rank එකක් තවම ලැබී නොමැති බවයි.

Website එකක මේ Page Rank එක කාලයත් එක්කම වෙනස් විය හැකියි. ඇත්තෙන්ම Google Webspam Team හි ප්‍රධානි Matt Cutts පවසන අන්දමට ඔවුන් Website වල Page Rank ආසන්න වශයෙන් මාස 3කට වතාවක් නැවත නැවත ගණනය කරනවා. ඒ නිසා Websites වල PR එක(PR-Page Rank) විටින් විට වෙනස් විය හැකියි.

මුළු ලිපියම කියවන්න..
3idiotscs.blogspot.com/2013/10/seo-5-google-page-rank.html

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles