Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

අහිංසක WEB DEVELOPER ගේ කවිය..

$
0
0
මමයි මගේ අනික් යාළුවොයි 3 Idiots CS බ්ලොග් එක ( http://3idiotscs.blogspot.com/ ) පටන් ගත්තුම කාලේ ඉතින් දාපු පොඩි කවි සෙට් එකක් මේක.. ලොකු අධ්‍යාපනික දෙයක් නම් නෙමෙයි.. මං මහා කවියෙකුත් නෙමෙයි.. හුදු විනොදාස්වාදයට හිතට ආපු අදහස් ටිකක් ගලපලා දාපු එකක්. මෙලෝ රහක් නැතිවුනත් ඔන්න ඔහේ කියෝලම බලන්නකෝ. :D
අපේ එකතුවේ කට්ටිය එක්ක බෙදාගන්න හිතුණා ඉතින්. එකයි දැම්මේ. :)


එහෙනම් කස්ටිය මේ කවිය හොඳද බලන්නකෝ. හොඳ නැත්නම්... එත් බලන්නකෝ.. :D

image
අඩවි සැදිල්ලත් හරි ලේසි යැයි සිතා..
ටියුටෝරියල් තොග ගණනින් ගත්තේ මෙමා..
ගත්තු ඒවා බොහෝමයක් එලෙස තියා..
ටී.වී. සීරිස් බලමින් හිටියේ මෙමා..

සෝස් කෝඩ් එක හොඳ හැටි චෙක් කොරමු..
ඩිබග් කරලා එරර් එකත් හොයා ගමු..
මගේ අඩවිය ඉක්මනින්ම හදා ගමු..
බැරිම එරස් අත හැරලා පෙරට යමු..

සී.එස්.එස්. එකත් ටිකක් අවුල් වගේ..
ජේකුවෙරිය ලිව්වේ නම් මමත් නෙමේ..
පී.එච්.පී. කෝඩ් හැදුවේ මමම වෙතේ..
ඒකෙත් තොග ලෙසට එරස් පැමිණ ඇතේ..

බිල් ගේට්ස්ගේ මාපියන්ව සිහිවෙන්නේ..
අයි. ඊ. එක හැමදා වාතම වෙන්නේ..
හදන හදන එක ඒකෙන් නොපෙනෙන්නේ..
වෙනමම කෝඩ් ලීමට දැන් සිදුවෙන්නේ..

පදමට එක එක වැඩ කිඩ යෙදවූවා..
ටික කලකින් ඔක්කොම ටික චොර වූවා..
අජූත හැක් කරුවෙක් මට කෙලවූවා..
අඩවිය ගොඩ ගත නොහැකිව නැතිවූවා..

අමාරු කරලා අඩවිය ගොඩ ගත්තා..
බැකප් එකක් තිබූ නිසා හොඳට ගියා..
පෙර ආගිය උන් යළි දැනුවත් කෙරුවා..
පෙර පිනකට අඩවිය යළි වැඩ කෙරුවා..

http://3idiotscs.blogspot.com

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles