
13න් හැවිරිදි වියේ පසුවන දරුවන් ගෙදර වැඩ අතපසු වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිදහසට කාරණා විටෙක අප සිනහ ගන්වන සුලුය. ඔවුන් කිසි විටෙකත් තම පාසලේ පරිගණක පද්ධතියට හොරෙන් අතුළු වී උත්තර සොරාගන්නේ නැත.
13න් හැවරදි වියේ පසුවන දරුවන් තම ප්‍රියතම සෙල්ලම් බඩුව මිලට ගැනීමට කැටයක දමා මුදලක් ඉතිරි කරනවා විනා අතේ ඇති මුදලට එම සෙල්ලම් බඩුව මිලට ගත හැකි වන පරිද්දෙන් වෙළඳ සැලේ පරිගණක පද්ධතිය තුළට හොර රහසේ ඇතුළු වී එහි මිල ගණන් වෙනස් කරන්නේ නැත.ඊට හේතුව වයස අවුරුදු 13ක දරුවෙකු යනු පරිගණක පද්ධතියකට හොරෙන් ප්‍රවේශ වීමට තරම් පරිගණක දැනීමක් නැති අයකු වීමය. එහෙත් චීනයේ වෙසෙන 13න් හැවරදී වෑංග් සෙංග්යාංග්ට නම් මේවා එතරම් ලොකු දේවල් නොවේ.යම් පරිගණක පද්ධතියකට හොරෙන් ඇතුළුවන පුද්ගලයන් හඳුන්වන්නේ "හැකර් " ලා ලෙසිනි. ඒ අනුව බලන විට සෙංග්යාංග් හඳුන්වා දිය හැක්කේ " ලෝකයේ ලාබාලතම හැකර් " ලෙසිනි. " හැකර් ප්‍රාඥයා " ලෙසින් චීන මාධ්‍ය ඔහුව හඳුන්වන්නේ ඒ නිසාය.
13න් හැවරිදි දරුවෙක් වුවත් මේ වන විට බීජිං නුවර ටිසිංග් හුවා විශ්වවිද්‍යාලය සමග එකට වැඩකටයුතු කරන සෙංග්යාංග් සිය හැකියාව නිසාම චීන සමාජය තුළ අතිශය ජන්ප්‍රියත්වයක් හිමි කරගෙන සිටියි. එහෙත් චීන මාධ්‍ය චෝදනා කරන්නේ කුඩා සෙංග්යාංග් තම හැකර් හැකියාව මැරවර වැඩ සඳහා යොදා ගන්නා බවය.
ටිසිංග් හුවා විශ්වවිද්‍යාලය

සෙංග්යාංග්ගේ මේ අපූරු හැකියාව නිසා ඔහුට පසුගියදා බීජිං නුවරදී පැවති චීන අන්තර්ජාල ආරක්ෂක සමුළුව ඇමතීමටද අවස්ථාව උදාවිය. අන්තර්ජාලයට එල්ල වන හැකර් ප්‍රහාර ගැන බොහෝ දෙනෙකු ගැන පැහැදීමක් නැතත් තම හැකියාව හොඳ දේ සඳහා යොදා ගන්නට අවශ්‍ය බව ඉහත සමළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේය.
" යම් වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කරන්න ඔබට ඕනේ නම් ඉස්සෙල්ලම එම වෙබ් අඩවියේ තියෙන අඩුපාඩු සොයා ගන්න ඕනි " සෙංග්යාංග පවසයි. තමා පාසල් පරිගණක පද්ධතියට ඇතුළු වී උත්තර සොරා ගත්තේ තමා වෙනුවෙන් නොව ඉහළ පංතිවලට ඉගෙන ගන්නා සිසුන් පිරිසක් සඳහා බව සෙංග්යාංග් පවසයි.
වරක් ඔහු අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියකට අතුළු වී යූආන් 2,500 කට මිල කර තිබූ පරිගණක ක්‍රීඩාවක් මිල යූආන් 1ක් ලෙස කරල තියෙනවා. එහෙත් සෙංග්යාංග් ඒ පරිගණක ක්‍රීඩාව මිලට අරගෙන නති බවයි ඔහු කියන්නේ. " මම හිතන විදියට තම තමන්ගේ වසිය සඳහා හැකර් ප්‍රහාර එල්ල කරන එක හොඳ නැති දෙයක්" යනුවෙනි. සෙංග්යාංග් සමුළුව හමුවේ එය අවධාරණය කළේය. චීනයේ මුල්පෙළේ සමගමක් වන 360 සමාගමද මේ වනවිට සෙංග්යාංග්ගේ සේවය ලබා ගනිමින් සිටිනවා.

ඩේලිමේල් ඇසුරෙන් පර්වර්තනය කරන ලද්දකි.