
මේ ලිපිය ලියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයාන්න උත්සහ කරන අපේ එකතුවේ සාමාජිකයන් වෙනුවෙන්. ඊබේ සෙලින් ගැන ත්‍රෙඩ් කිහිපයක් මේ දවස් ටිකේ දැකපු නිසා තමයි මේක ලියන්න හිතුනේ.
ඊබේ එකේ භාන්ඩ විකුන්න පුලුවන් ක්‍රම 3 ක් තියෙනවා.
1. Direct Selling - (අපි ගාව තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරලා කවුරු හරි කෙනෙක් ඔඩර් කරොත් අපිම පැක් කරලා එයාට යවන එක.)
2. Indirect Selling - (වෙනත් පුද්ගලයෙකු ගාව තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරලා කවුරු හරි කෙනෙක් ඔඩර් කරොත් එම මුදල භාන්ඩයේ අයිතිකාරයට දීලා ඔහුට එම භාන්ඩය ඔඩර් කරපු පුද්ගලයාට යවන එක.)
3. Dropshipping - වෙනත් වෙබ් අඩවියක විකුණන්න තියෙන භාන්ඩ ඊබේ එකේ ලිස්ට් කරල කවුරු හරි ඩර් කරොත් අර වෙබ අඩවිය හරහා එම භාන්ඩය ඔහුට යැවීම.
හරි. මම මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්නේ Dropshipping වලින් කොහොමද ගොඩයන්නෙ කියලා. ඒකට ඔයාලට මූලිකව අවශ්‍ය කරුනු කිහිපයක් තියෙනවා.
1. verify කරගත්ත ඊබේ අකවුන්ට් එකක්
2. verify කරගත්ත පේපැල් අකවුන්ට් එකක්
ඊබේ එකේ අලුත් අකවුන්ට් එකක් හදා ගන්න මෙතනින් යන්න. අකවුන්ට් එක හදනකොට යූරෝපා රටක එකක් විදිහට හදාගන්න. යූසර්නේම් එකටත් ගැලපෙන නමක් යොදාගන්න (ඔයා විකුනන්න බලාපොරොත්තු වෙන දේවල්වලට අනුව)
පේපැල් අකවුන්ට් එකක් නිවැරදිව හදාගන්න විදිහ ගැන එකතුවේ ලිපියක් පල වෙලා තිබුනා. සයිට් එකේ සර්ච් පාරක් දැම්මනම් ඉක්මනට ඒක හොයාගන්න පුලුවන් වෙයි. ඒ ලිපිය තියෙන නිසා පේපැල් ගිනුම හදන විදිහ ගැන මම මෙතනදි පැහැදිලි කරන්නෙ නැහැ.
පේපැල් අකවුන්ට් එක සහ ඊබේ අකවුන්ට් එක නිවැරදිව ලින්ක් කිරීම.
1. මුලින්ම එයා හදාගත්ත ඊබේ අකවුන්ට් එකට ලොග් වෙන්න.
2. දැන් Account කියන tab එකට යන්න
3. ඊටපස්සෙ එතන තියෙන "Link your exiting Paypal account" කියන එක උඩ click කරන්න.
4. එතකොට එන ස්ක්‍රීන් එකේදී ඔයා හදපු paypal account එකේ විස්තර ලබා දෙන්න.
දැන් අකවුන්ට් දෙන නිවැරදි ලින්ක් වෙලා ඉවරයි. දැන් ඔයාට පුලුවන් Dropshipping පටන් ගන්න. ඔයාලට ආරම්භයක් විදිහට මේ සයිට් වල තියෙන භාන්ඩ ලිස්ට් කරලා විකුනන්න පුලුවන්.
http://buyincoins.com/
http://dealextreme.com/
http://chinagrabber.com/
http://www.aliexpress.com/
http://dx.com/
http://www.tomtop.com/
http://www.dhgate.com/
@KusH @Shey ඔයාල දෙන්නට විශේෂයෙන් මේක ලිව්වෙ.