Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

සිත් ඇදගන්න සුලු වෙබ් අඩවියක් නිර්මානය කිරීම.

$
0
0
අපි වෙබ් අඩවියක් හදන්න ඕනෙ එක පාරක් ආපු විසිටර් කෙනෙක්ට ආයෙත් පාරක් අවිල්ලා බලන්න හිතෙන විදිහට. ඒ කියන්නෙ වෙබ් අඩවියක් කියන එක ලස්සන සහ නිර්මානශීලි වෙන්න ඕනෙ. ඒ විදිහට නිර්මානශීලි වෙබ් අඩවියක් නිර්මානය කරගන්න වැදගත් වෙන කරුනු ටිකක් ගැන මේ ත්‍රෙඩ් එකේ කතා කරමු.

වෙබ් අඩවියකට කෙනෙක් එන්නෙ තමන්ට අවශ්‍ය කරන තොරතුරු ඉතාමත් ඉක්මනින් ලබා ගන්න හිතාගෙන. ඉතින් එයාට ඒකට උදව් කරන එක තමයි අපි කරන්න ඕනෙ. ඒ නිසා පේජස් වල දිග නිතරම අඩු කරන්න බලන්න. ගොඩක් අය දිග පේජ්ස් වලට කැමති නැහැ. පේජ් එක දිග වැඩි උනාම මවුස් එක රෝල් කර කර පේජ් එක බලන්න වෙනවට කැමති නැති අය ඉන්නවා. ඒක නිසා වෙබ් පිටුවක වැදගත්ම කරුනු ටික විතරක් ඇතුල් කරන්න. ඒ කරුනු වැඩිදුරටත් විස්තර කරන්න ඕ‍න කියලා හිතෙනවා නම් ඒකට වෙනම පිටුවක් හදලා ලින්ක් කරන්න. ලොකු හෑලි ලියන්න යන්න එපා. ඔයාට කියන්න ඕනෙ දේ කොටියෙන් ඒවගේම රසවත් විදිහට ලියන්න.

Pop-up , අනවශ්‍ය animations , වගේ දේවල් යොදා ගන්න එපා. ඒ වගේම ආදි කාලෙ පාවිච්චි කරපු ඩිසයින්ස් යොදාගන්නත් එපා. අද කාලෙ වෙබ් අඩවි වලට ගැලපෙන විදිහේ ඩිසයින් එකක් තොරගන්න. මේ දවස් වල ඉතින් flat UI designs තමයි වැඩිපුර ජනප්‍රිය.

ඊලග කාරනාව තමයි වර්ණ (colors) බාවිතය. අපි වෙබ් සයිට් එක ඩිසයින් කරන්නෙ මොනවගේ දෙයකටද කියන එක අනුව තමයි ඒකට යොදාගන්න කලර් එක තීරනය කරන්න ඕනෙ. වර්ණ වලින් අදහස්/හැගීම් නිරූපනය කරනවා. ඒකට මන් කියන්නම් වෙනත් ලිපියක තිබුන උදාහරනයක්. දැන් අපි හිතමු ඔයා සයිට් එක ඩිසයින් කරන්නෙ හොස්පිටල් එකකට කියලා. ඒතනදී රතු පාට යොදාගන්න එක ගැලපෙන්නෙ නැහැ. මොකද රතු පාටින් නිරූපනය වෙන්නෙ බය , ‍තරහ , ලේ , මරනය වගේ දෙයක්. ඉතින් අපි ඒ වගේ වැඩකට රතු පාට යොදාගන්නෙ නැහැ. නිල් හෝ කොල පාට වගේ වර්ණයක් තමයි සුදුසු.

නිතරම ගැලපෙන images/icons පමනක් යොදාගන්න. images/ අයිකන් දානකොට සයිට් එකේ වර්ණ වලට ගැලපෙන විදිහට දාන්න ඕනෙ. ඕනෑවට වඩා images දාන්නත් එපා.

ඔයාලගේ අදහස්/ ප්‍රශ්න එහෙමත් දාන්න අපි සාකච්චා කරමු.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles