Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

අනිවාර්යෙන්ම කියවන්න. බ්ලොග් කරන අයට විශේෂයි

$
0
0
1. සමහර බ්ලොග් කරන යාලුවො අලුත් පෝස්ට් එකක් ලිවුවම ඒක එකතුවටත් දානව.. ඒක හොඳයි කට්ටයට දැනුම ලබා දෙන්න. නමුත් ඔයාල ඒ කරන වැඩේ හොඳ නැති කමක් තියෙනව.. මෙහෙම හිතමු. ඔයා තමන්ගේම ලියපු පෝස්ට් එක එකතුවට දැම්මා කියල.. එතකොට ගූගල් ඒක තේරුම් ගන්නෙ ඔයාගෙ සයිට් එකෙන් එකතුව කොපි කරල පෝස්ට් එක දැම්මා කියලයි.. එතනින් එහා කියන්න ඕනෙ නෑනෙ වෙන දේ.. ඒ නිසා කරුණාකරල මීට පස්සෙ එහෙම පෝස්ට් දානකොට ටිකක් සැළකිළිමත් වෙලා වෙනත් සුදුසු ක්‍රමයක් අනුගමනය කරන්න. හැබැයි එහෙම කියල දාන දාන පෝස්ට් එකේ ලිංක් ස්පෑම් කරල ඊට අදාල සංග්‍රහයන් ලබා ගන්නත් එපා.. තේරෙනවනේ ගාණට හො‍ඳේ..

2. තමන්ගෙම පරණ බ්ලොග් එකකින් අලුත් බ්ලොග් එකකට පෝස්ට් කොපි කරල දානකොට (උදාහරණයක් විදිහට බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙනකොට වගේ) තමන්ගෙම නමින් දැම්මත් එහෙම කොපි කරල දාන්න එපා.. හේතුව ඒකත් කොපි කිරීමක් විදිහට ගූගල් දකින්නෙ. ඒ නිසා වඩා හොඳයි ලිපි සේරම අලුත් බ්ලොග් එකට කොපි කරල පරණ බ්ලොග් එක ඩිලීට් කරන්න..

3. අපි ලියන බ්ලොග් වලට එන්නෙ ඩෙස්ක්ටොප් එකේ පහළ වෙලාව පෙන්නන්නෙ නැති හෝ අතේ ඔරලෝසුවෙ, ෆෝන් එකේ වෙලාව නැති නිසා වෙලාව බලන්න බ්ලොග් එකට එන උදවිය නෙවෙයි. ඒ නිසා ඔයාලගෙ බ්ලොග් වල දාන ඔරලෝසු වලින් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. තව මම දැකල තියෙනව සිංහලෙන් ලියපු බ්ලොග් වල ගූගල් ට්‍රාන්ස්ලේටර් දාල තියෙනවා.. තාම සිංහල භාෂාව ට්‍රාන්ස්ලේටර් එකට ඇතුළත් වෙලා නැති නිසා ඔයාලගෙ සයිට් එක අඩුතරමින් දෙමළ වලටවත් ට්‍රාන්ස්ලේට් වෙන්නෙ නැහැ. සමහරු බ්ලොග් වල මාලුන්ට කෑම දානවා.. මේ වගේ විකාර කරන්න නෙවෙයි සයිට් එකට විසිටර්ස්ල එන්නෙ.. ඒ නිසා මේ වගේ ගැජට් භාවිතා කිරීම නිෂ්ඵල ක්‍රියාවක්.. ලස්සන වෙන්න දාන ඔය වගේ ගොඩක් දේවල් හින්දා අපේ සයිට් එක ලෝඩ් වෙන ස්පීඩ් එක අඩු වෙනවා.. අපි වුනත් අකමැතියිනෙ පේජ් එකක් ලෝඩ් වෙන්න මිනිත්තු ගණන් යනවට.. ඒ වගේ තමයි අපේ සයිට් වලට එන අනික් අයත්..

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles