Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

කොහොමද වෘත්තියක් තෝරාගන්නෙ?

$
0
0
ඔබත් කල්පනා කරනවද කොහොමද ඔබට ගැළපෙන වෘත්තියක් තෝරාගන්නෙ කියල?
අපේ නොමිලේ ලබාදෙන ඊ-බුක් එකෙන් ඔයාට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ලිපියත් ඒ සඳහා තවත් ආකාරයක සහයක් වේවි.



මේ සඳහා ප්‍රධාන හා මූලික කරුණු තුනක් අපි සළකා බලමු.

1. ඔබ ගැන දැනගන්න.
ඔබගේ ශක්තීන්, හැකියාවන්, වටිනාකම් වලට අමතරව, ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද, ඔබගේ දුර්වලතාවයන් මොනවාද කියන දේවල් හඳුනාගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනව ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න.
ඔබ ගැන ඉගෙනගන්න, ඔබගේ හැකියාවන් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි ක්‍රියාකාරකම් කරන්න.

2. ඔබට තිබෙන විකල්පයන් හඳුනාගන්න. ඒවා පිළිබඳව දැනගන්න.
විවිධාකාරයේ රැකියා පිළිබඳව සොයා බලන්න. විවිධාකාරයේ රැකියා හඳුනාගන්න. ඒ ඒ රැකියාව තුළ ඔබට සිදුකළ හැකි දේවල් පිළිබඳව සිතා බලමින් ඒ ඒ රැකියා විශ්ලේෂණය කරන්න.
ඔබට තෘප්තිමත් විය හැකි රැකියා හඳුනාගන්න. එමඟින් ඔබට හොඳින්ම කළ හැකි රැකියා හඳුනාගන්න පුළුවන්. ඔබ දැන් යෙදී ඇති රැකියාවෙන් තෘප්තිමත් වෙනවාද සිතා බලන්න. එසේ නොවෙන්නේ නම් ඒ ඇයිද යන්න හඳුනාගන්න.
විවිධාකාරයේ අධ්‍යාපන විෂයයන්, ක්ෂේත්‍රයන් පිළිබඳව සොයා බලන්න. විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට පිවිසෙන්න විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රයන් උගත යුතු වෙනවා. ඒවාට ගැළපෙන ආකාරයට පාඨමාලා, උපාධි, ඩිප්ලෝමා උගත යුතු වෙනවා.
ඔබේම ව්‍යාපාරයක් සිදු කරන එකත් ගොඩක්ම හොඳ විකල්පයක්. හැබැයි ඒකට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා.
ඔබ කරන රැකියාවෙම තවත් ඉදිරියට යාම, ඒ හැකියාවන් වර්ධනය කරගැනීම පහසු විකල්පයක්. මොකද මේ ඔබ දැනට හොඳින්ම දන්න, ඔබ දැනට ස්ථාපනය වෙලා ඉන්න ක්ෂේත්‍රයක්. ඉතින් එය සිදු කරන්න පුළුවන් ආකාර සොයා බලන්න. (උදා: අදාල වන පාඨමාලාවක් හැදෑරීම)

3. හොඳ තීරණයක් ගන්න.
ඉහත කිව්ව හැම දෙයක් ගැනම හොඳට හිතල බලන්න, විශ්ලේෂණය කරන්න. ඔබගේ හැඟීම් හරියටම තේරුම් ගන්න ඔබම උත්සාහ කරන්න.
අපහසුම නම් වෘත්තීය මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබාගන්න.

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles