Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all articles
Browse latest Browse all 3679

සැබෑම මිනිස් වෙස් ගත් රොබෝ හිස.

$
0
0
image

ඇමරිකානු ජාතික රොබෝ සැලසුම් ශිල්පියෙක් වන ඩේවිඩ් හැන්සන් විසින් නිර්මාණය කරල තියෙන මේ රොබෝවට විශ්වාස කළ නොහැකි විදිහට මුහුණින් හැඟීම් ප්‍රකාශ කරන ආකාරයට මේ නිර්මාණය කරල තියෙනව. මෙ රොබෝ හිස ' හාම් ' යනුවෙන් නම් කර ඇති අතර පසුගියදා හොංකොංහි පැවති ඉලෙක්ට්‍රොනික ප්‍රධර්ශනයේ දී මේ රොබෝ හිස පුදුමයට පත්කලා වගේම මිනිසුන්ගේ ඇගයීමටද ලක්වුනා.

තවද මේ රොබෝවට සරල ප්‍රශ්නවලට උත්තර දීමේ හැකියාවද ඇති අතර,අවශ්‍ය නම් එය වෛද්‍ය ප්‍රදර්ශනවලදී මිනිස් අනුරුවක් ලෙසින් යොදා ගැනීමටද පුළුවන්. මෙම රොබෝ හිස තැලෙන සුලු අමුද්‍රව්‍යක් වන ෆ් රුබර් යොදා ගනිමින් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව සහ නැනෝ තාක්ෂණයට අනුව නිර්මාණය කරල තියෙනව.

එසේම හාම්ගෙ ශරීරය මත ප්‍රමාණයෙන් නැනෝ මීටර් 4 සිට 40 දක්වා වූ තාත්වික සිදුරු විශාල ප්‍රමාණයක්ද තිබෙන අතර ඔහු මුහුණින් හැඟීම් ප්‍රකාශ කරන්නේ එම සිදුරු උපයෝගී කරගෙනයි. නැනෝ මීටරයක් යනු ඉතා කුඩා ලෝකයක් වන අතර සෙන්ටිමීටරයකට ඇති නැනොමීටර් ගණන මිලියන 10කි.
image
විශේෂයෙන්ම සැලසුම් කරනලද මෘදුකාංගයක් නිසා හාම්ට තමාව නැරඹීමට පැමිණෙන මිනිසුන්ගේ මුහුණේ හැඟීම් වටහාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට ද හැකියාවක් ඇති බව පැවසෙනව. ඩේවිඩ් හැන්සන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට හාම් රොබෝවට තවත් මිනිසෙකුගේ මුහුන සැබෑවට දැකගැනීමට පමණජ් නොව ඔහුත් සමග දෑසින් සම්බන්ධ වෙමින් කුඩා සංවාදයක යෙදීමටද හවෙ හැකියාව පවතී.

මානව රූපී රෝබෝවන් සැලසුම් කිරීමේදී හාම් යනු යෝධ පියවරක් බවද ඩේවිඩ් හැන්සන් පවසනව.

Link : goo.gl/ZTQNfF

Viewing all articles
Browse latest Browse all 3679

Trending Articles