Quantcast
Channel: නව සාකච්ඡාවන් - එකතුව.lk
Viewing all 3679 articles
Browse latest View live

මට aluth.com එකෙ තියෙන Template එක හොයල දෙනවාද ??

$
0
0
දන්න කවුරු හරි ලින්ක් එකක් දාන්න --

Video Encoding

$
0
0
video encoding gena kiyala denna puluwan katada ?

IT Lessons 02

$
0
0
දත්ත වර්ගීකරණය (Classification of Data)

මූලික වශයෙන් දත්ත කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය.

01. සංඛ්‍යාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත (Quantitative data)
02. සංඛ්‍යාත්මක ආකාරයට ප්‍රකාශ කළ නොහැකි දත්ත (Qualitative data)

දත්ත වල ස්භාවය (Nature of Data)

* දත්ත එක් ‍රැස් කරගෙන ගබඩා කළ හැකිය.
* සන්නිවේදනය කළ හැක. (communicated)
* දත්ත ගබඩා කර ඇති මාධ්‍යයකින් (storage medium) නැවත ලබාගත (retrieve) හැකිය.
* සැකසීමට හැකිය. (process)

දත්ත සැකසීම (Data Processing)

සංඛ්‍යාත්මක දත්ත (numerical data) සමූහයක් විවිධ ආකාර වලින් සැකසීම (process) සිදුකළ හැකිය. එම ආකාර වලින් කිහිපයක් පහතින් දක්වා ඇත.

* දත්ත සංවිධානය (organizing)
* අංක ගණිතමය සැකසීම (arithmetical process)
* සංඛ්‍යා ලේඛන සැකසීම (statistical process)

අපි ඉහතින් දැක් වූ දත්ත සැකසීම් ආකාර ප්‍රධාන විධි දෙයාකාරයකට සිදුකර ගන්න පුළුවන්. ඒවා නම් අතින් සිදු කිරීම (manual) සහ තාක්ෂණික (technological) අයුඉන් සැකසීම යි. දත්ත සැකසීමට තාක්ෂණය යොදා ගැනීමෙන් එය ඉතා වේගවත් ව, නිරවද්‍ය ලෙස සහ වඩා විශ්වාසදායක ලෙස සිදුකර ගැනීමට හැකියාව ලැබෙනව.

Link : aluthlokayaaa.blogspot.com/2015/04/IT-Lessons-02.html

I am the new guy

Open-source Windows ? වින්ඩොස් නොමිලේ !!

$
0
0
මයික්‍රෙසොෆ්ට් ආයතනය මගින් windows මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබාදීමට තීරනය කරලාලු. ව්‍යාජ windows පිටපත් පැතිර යාම නිසාත්, ඒවා පැතිර යාම වැලැක්වීම අපහසු කාරනාවක් වන නිසාත් මෙලෙස නොමිලේ ලබාදීමට කටියුතු කරලා තියෙනවා. ජුනි මාසයේ සිට තමයි මේ විදිහට නොමිලේ ලබාදීමට කටියුතු කරනවා කියන්නෙ. ඔබ විසින් දැනට භාවිතා කරන්නේ වින්ඩොස් ව්‍යාජ පිටපතක් නම් ඉදිරියේදී එය අප්ඩේට් කිරීමෙන් පසුව එය ජෙනුයින් බවට පත්වනු ඇත.

http://www.pcworld.com/article/2905302/open-source-windows-the-unthinkable-is-already-happening-says-microsoft.html

මේකෙන් පුලුවන්ද idm එකේ speed එක වැඩි කරගන්න.

Jarida Wordpress Theme Help

$
0
0
sahifa එකේ homepage slider එක දැම්මම මෙහෙම full screen ම එනවනේ. but jarida එකේ එන්නේ නෑනේ.. මේ බලන්නකෝ...
image මේ sahifa

image මේ jarida!!!!

pen අවුලක්

$
0
0
pen එක ලැප් එකට ගැහුවට පෙන්නන්නේ නෑ..

image

ඒත් මෙතන පෙන්නනවා.....

image

Facebook messenger දැන් ඔබේ පරිගණකයටත්!

Mobile phone එකෙ අරම්බය සහා එහි frequency

$
0
0
image

G.S.M - Global system of mobile communication
F.C.C - Federal communication commission


ආරම්භය

1983 මර්ටින් කුපර් නම් මහත්මයා විස්න් Motorolla ජන්ගම දුරකතනයන් හදුන්වා දෙන ලදි. මුල් දුරකතනයෙ බර 1.1kg
ලන්කාවෙ බවිත වෙන frequency පරසය මෙලෙස සදහන් කරන්න පුලුවන්
I.M.E.I
850mhz 900Mhz 1800mhz 1900 mhz

900 -1800mhz till use in srilanka frequency for mobile phone
I.M.E.I
International Mobile Equipment Identify
*#06# ( check your Imei number of your phone)
Mobile phone සදහා මෙතෙක් use කල frequceny

Read more - http://www.ikmanitlk.com/2014/09/mobile-phone-frequency.html
*********************************************************************************************************
Like us our official facebook page -https://www.facebook.com/kandyantechnologies

Zigo T661 ඳුරකතනය

$
0
0
Zigo T661 ඳුරකතනය pc ekata bluetooth walin hari usb walin hari connect කරල pc eken internet yanna puluwan widihata hadanne කොභහොමඳ?

මෙයාව මතකද බලන්න

Unlimited Web Hosting මාසෙටම රු200යි

$
0
0
හලෝ යාලුවනේ.

දැන් ඔයාලට මාසෙටම රුපියල් 200 කට ලබාගන්න පුලුවන්. කිසිම සීමාවක් ඇත්තෙම නැ..

UNLIMITED DISK SPACE
UNLIMITED TRAFFIC
UNLIMITED DOMAIN ADDONS
UNLIMITED SUBDOMAINS
UNLIMITED DATA BASES
UNLIMITED EMAILS

මේ සේරම මාසෙටම රුපියල් 200යි. මේ වාසිය මග ඇරගන්න එපා..!


වැඩි විස්තර දැනගන්න www.lankaihost.com වෙබ් අඩවියට පිවිසෙන්න​

නොමිලේ UNLIMITED WEB HOSTING මේ අප්‍රේල් මාසේ

$
0
0
අලුතෙන් වෙබ් අඩවියක් පටන් ගන්න ඉන්න අයට​. එකක් හොයන අයට මෙන්න නියම අවස්තාවක්.
මේ අප්‍රේල් මාසේ LankaiHost එකේ UNLIMITED BASIC සහ UNLIMITED PRO පැකේජයන් මිලදීගන්න ඔයාලට 100% වට්ටම් දැන් ලැබෙනවා.! දැන්ම ගන්න​.!
Promo Code: VRLLXYC66V
**සැගවුනු ගාස්තු සහ කොන් දේසිකිසිම දෙයක් නැ.
www.lankaihost.com වෙත පිවිසෙන්න​

ෆේස්බුකියේ ඇඩ්ෆ්ලයි දැන්වීම් පළ කිරීමට පහසු ක්‍රමයක්

$
0
0
ඔයාලත් ඇඩ්ෆ්.ලයි (adf.ly) ලිංක් ශෙයා කරල මුදල් උපයන කෙනෙක්ද? මම නම් ඇඩ්ෆ්ලයි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තවම මුදල් නම් අතට අරගෙන නැහැ. නමුත් ඇඩ්ෆ්ලයි වලින් මුදල් ගන්න අයනම් ඉන්නවා.

දන්නැති අයට හඳුන්වා දෙනවානම් කෙටියෙන් මේකෙදි වෙන්නෙ අපි ළඟ තියෙන මොකක්හරි ලස්සන දෙයක් හෝ වැදගත් පෝස්ට් එකක් හරි යාළුවන්ට ශෙයා කරන්න කලින් ඒකෙ යූආර්එල් එක (URL) කොපි කරල අරගෙන adf.ly සයිට් එකට ගිහින් ඒකෙ අලුතෙන් එකවුන්ට් එකක් හදාගන්නවා. එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ අර කොපි කරගත්තු යූආර්එල් එක පේස්ට් කරල ශ්‍රින්ක් කියන බට්න් එක ඔබන්න. එතකොට අලුතෙන් ඇඩ්රස් එකක් ලැබේවි. මේක යාලුවන්ට ශෙයා කලාම, ඔයාලගේ බ්ලොග් එකේ පොස්ට් එකකට දැම්මම ඒක ක්ලික් කරන කෙනාට පොඩි දැන්වීමක් පෙන්නනවා. ඒක ස්කිප් ඇඩ් කලාම එයාට ඔයා පෙන්නන දේ බලාගන්න පුළුවන්. ඒ විදිහට තමයි ආදායමක් ලැබෙන්නෙ.

මේකෙ තියන ගුණ දොස් විවේචනය නෙවෙයි මෙම ලිපියේ අරමුණ. දැන් තමයි ඒක කියන්න යන්නෙ.. දැන් ඔය සකස් කරගත්තු ලිංක් එකක් ෆේස්බුකියෙ ශෙයා පාරක් දාල බලන්න යාලුවන්ට බලන්න.. නැත්නම් ලිංක් එක දාල මැසේජ් එකක් යවන්න..

දැන් හොඳයි නේද? ෆේස්බුකියෙ ඉන්න මිලියන බිලියන ගණන් ජනතාවගෙන් දහ පහළොස් දෙනෙක්ටවත් කියල මේක ක්ලික් කරවගන්න තියෙන ගේමක්.. බුකියෙ ශෙයා කරපු ගමන් සම්පූර්ණ කරන්න වැටෙන සෙකියුරිටි කෝඩ් ගහ ගහ හැම තැනම ශෙයා කරන්න ගියාම එපා වෙනවා.

ෆේස්බුකියෙ ඇඩ්ෆ්ලයි ලිංක් ශෙයා කලාම මෙහෙම වෙන්න හේතුව තමයි ස්කිප් ඇඩ් කරන්න කම්මැලි, එහෙමත් නැත්නම් තව එකෙක් කීයක්හරි හොයාගන්නවට අකමැති එකෙක්, කවුරුහරි වෙනත් කෙනෙක් ශෙයා කරන ලිංක් එක රිපෝට් කරනවා. එහෙමත් නැත්නම් අධික ලෙස එකම සයිට් එකේ ලිංක් ෆේස්බුක් තුළ ශෙයා වෙද්දි එයාලත් මේක ස්පෑම් කිරීමක් විදිහට හඳුනාගෙන මේ වගේ දෙයක් කරනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට ෆේස්බුකිය තුළ උනත් ශෙයා කරන්න බැහැ අපිට ඕන හැටියට.

දැන් කියල දෙන්න හදන්නෙ ෆේස්බුකියෙන් වෙන මේ කුඩම්මගෙ සැළකිල්ල නැතිව පහසුවෙන් ඇඩ්ෆ්ලයි ලිංක් එකක් ශෙයා කරගන්න විදිහ. මේ සඳහා ඔබට ඇඩ්ෆ්ලයි ගිණුමක් තිබිය යුතුය. එකක් නැත්නම් https://adf.ly සයිට් එකට ගිහින් හදාගන්න. (මේක කියල දුන්නට මගේ රෙෆරල් කෙනෙක් වීම අවශ්‍ය නැත).

එකවුන්ට් එකට ලොගින් වුණාට පස්සෙ https://adf.ly/publisher/tools#tools-domains මේ ඇඩ්රස් එකට යන්න. ලිංක් එක කොපි කරල ගන්න නැත්නම් හිතාවි මම රෙෆරල් ලිංක් දෙනව කියල.

ඒ පිටුවෙ මෙන්න මෙහෙම තියෙන තැනට ඔබේ ඩොමේන් එක හෝ හදාගත්තු සබ්ඩොමේන් එකක් “example.com“හෝ "sub.example.com" කියල මේ විදිහට ටයිප් කරල add custom domain බට්න් එක ඔබන්න.

දැන් ඊළඟට ඇඩ්ෆ්ලයි එකේ හෝම් පේජ් එකට ගියාම අපි දාන ලිංක් එක ඇඩ්ෆ්ලයි ලිංක් එකක් බවට shrink කරන තැන තියෙනවනේ.. එතන යටින් බට්න් එකක් තියෙනවා View more options කියල. ඒ බට්න් එක ක්ලික් කරාම පහළින් පෙන්නනවා ඩොමේන් කියල එකක්. එතන sub.example.com සිලෙක්ට් කරල ලිංක් එක shrink කළාම අලුත් ඇඩ්ෆ්ලයි ලිංක් එකක් ලබා ගන්න පුළුවන්.

නමුත් මේකෙ විශේෂත්වය සාමාන්‍ය ඇඩ්ෆ්ලයි ලිංක් වගේ නෙවෙයි. http://sub.example.com/1මෙන්න මේ වගේ ලිංක් එකක් ලැබෙන්නෙ. ඇඩ්ෆ්ලයි පෙනුමක් නැති නිසා ක්ලික් කරන්න කෙනෙක් පස්ස ගහනවත් අඩුයි. බය වෙන්න එපා ක්ලික් කරපු ගමන් ඇඩ්ෆ්ලයි ස්කිප් ඇඩ් කියන එක ඕපන් වෙනවා. ඒ කියන්නෙ ආදායම ලැබෙනව සාමාන්‍ය විදිහට.

දැන් මේ ලිංක් එක ෆේස්බුක් හෝ වෙන ඕනම තැනක ශෙයා කිරීමට සූදානම්. ෆේස්බුක් එකේ ශෙයා කරද්දි අපි ලිංක් එකක් දැම්මම ඒකට අදාල පේජ් එකේ පොඩි preview එකක් එනවනේ.. අන්න ඒක ක්ලෝස් කරල ඉමේජ් එකක් එක්ක පොඩි විස්තරයක් දාල එතනට අලුත් ඇඩ්ෆ්ලයි ලිංක් එක දාල ශෙයා කරන්න මතක තියාගන්න. එතකොට කිසි අවුලක් නැතිව ලිංක් එක ෆේස්බුක් තුළ ශෙයා කරන්න පුළුවන්.

සැ.යු.
*-:) මෙය සිදු කිරීම සඳහා තමන්ගේම ටොප් ලෙවල් ඩොමේන් එකක් තිබිය යුතුය. බ්ලොගර් වලින් සිදුකළ නොහැක..

මේ විදියට footer එක හදාගන්නේ කොහොමද.

$
0
0
මේ විදියට footer එක හදාගන්නේ කොහොමද...
image

footer column 3ක් දැම්මට footer fields දෙකයිනේ එන්නේ...
image

mobile number hack

$
0
0
mobile number වල දත්ත ලබා ගැනීම {call recoder.sms.mms}සදහා විශේෂ ක්‍රමවේද තියෙනවද?
උපකරණ වගෙ දේවල් තියෙනවද?
ඒවා අන්තර්ජාලයෙන් මිලදී ගත හකිද?
දුරකථන අංක වල ලිපිනය දැන ගැනීමට විශේෂ ක්‍රමවේද තියෙනවද?

IT Lesson 03

$
0
0
තොරතුරු (Information)

අමු දත්ත (raw data) සැකසීමෙන් ලබා ගන්නා අර්ථාන්විත (meaningful) දත්ත සඳහා " තොරතුරු " යන පදය භාවිතා වේ. මෙය පහත රූප සටහන මගින් පැහැදිලි කරන්න පුළුවන්.
image
තොරතුරු සඳහා ආමුණක් ඇත. යම්කිසි තොරතුරක් සඳහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයෙකුට ඒ සඳහා ප්‍රවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි පුද්ගලයෙකුට අදාළ වීම හා වෙනත් පුද්ගලයෙකුට අදාල නොවීමට ද හැකිය. නිදසුනක් වශයෙන් දෛනික විනිමය අනුපාත පිළිබඳ විස්තර රූපලාවන්‍ය ශිල්පිනියකට අදාල නොවිය හැකිය.

තොරතුරු වල ලාක්ෂණික

* සාපේක්ෂය (relative)
* අර්ථාන්විතය (meaningful)
* ක්‍රියාවට පොළඹවයි. (action motivator)
* මුල් දැනුම යළි අළුත් හා ස්ථීර කරයි.
* ඇතැම් විට ආර්ථිකමය සම්පතක් (economic reource) ලෙස සැලකේ.
* ගනුදෙනු (transaction) වල දී හවුල් කර ගැනීම (ශරෙ) පමණක් කළ හැකි වන අතර හුවමාරු (exchange) කිරීම සිදු නොවේ.

තොරතුරුවල තිබෙන අර්ථාන්විත බව පිළිබඳව ඔබ දැනටමත් අසා ඇත. එනමුත්, ඒවායේ තත්වය (quality) වැඩි දුයුණු කිරීමටද හැකියාව තියෙනව. පහලින් දැක්වෙන්නේ තොරතුරු වල තත්වය වැඩි දියුණු කිරීම සඳහා අදාළ වන සාධක යි. (factors)

* අදාළත්වය (relevance)
* පූර්ණ බව (completeness)
* නිරවද්‍යතාව (accuracy)
* පැහැදිලි බව (clarity)
* කාල සීමාවන් (time lines)
* සන්නිවේදනය යොදා ගැනීම. (communication)

යම්කිසි තොරතුරක වටිනාකම (value) නිර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය (relavance) පදන්ම් කරගෙනය. තොරතුරු වල වටිනාකම කාලයත් සමග අඩුවන බව අප තේරුම් ගත යුතුය. ඒවායේ ඉහළ ම වටිනාකම ඇත්තේ ඒවා සැකසූ සැණින්ය. මේ අනුව, අපට තොරතුරු සඳහා " ස්වර්ණමය නීතිය " ( Golden rule ) අර්ථ දැක්විය හැකිය.

Link : aluthlokayaaa.blogspot.com/2015/04/it-lessons-03.html

IT Lesson 04

$
0
0
නූතන තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි ස්ථානය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technolagy - ICT)

අදවන විට ‍තෝරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) දෛනික ජීවිතයේ වැදගත් සාධකයක් වී හමාරයි. බොහෝ මිනිස් ක්‍රියාකාරකම් දැන් තොරතුරු තාක්ෂණික විසඳුම් මගින් උපකාර ලබාගනී. මේකට හේතු වෙන්නෙ සත්‍ය ජීවන ගැටළු (real life problems) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් සහ ඵලදායී (effective) විසඳුම් ලබා දෙන නිසාවෙන්. මේ යුගයේ මිනිසුන් වැඩි අවශ්‍යතාවලින් පිරි සංකීර්ණ ජීවන රටා (life styles) අතර සිර වී ඇති බව පැහැදිලි වෙනව. මේ අවශ්‍යතා සඳහා ඉතා කඩිනම් විසඳුම් ලබා ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම ඉතා යෝග්‍ය ය. එබැවින් වර්තමාන යුගය " තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යුගය " ලෙස නම් කිරීම වඩාත ගැලපෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අවස්ථා

* බැංකු හා මූල්‍යකරණය (Banking and Accounting)
* අධ්‍යාපනය (Education)
* ආරක්ෂක කටයුතු (Security and Defence)
* ප්‍රවාහනය (Transportation)
* ඉංජිනේරු විද්‍යාව (Engineering)
* විනෝදාස්වාදය (Entertainment)
* වෛද්‍ය විද්‍යාව (Medicine)
image
ඉහත දක්වා ඇති ක්ෂේත්‍ර ඔස්සේ සමාජයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මඟින් ඉ‍ටුවන සේවය සවිස්තරාතමකව අපි ඊලඟ පෝස්ට් එකෙන් කතා කරමු.

Link : aluthlokayaaa.blogspot.com/2015/04/IT-Lessons-04.html
ඔයාලගෙ අදහස්, යෝජනා හා චොදනා තියෙනවනම් මේ ලින්ක් එකෙන් ගිහින් දාන්න පුළුවන්.

ඇයි මෙහෙම වෙන්නේ......

$
0
0
Winodows 8 pro ලැප් එකට දාලා තියෙන්නේ...දැන් සතියක් විතර වෙනවා දාලා...මන් අද windows update කරා..ඊට පස්සේ තමයි Windows is not activated කියලා වටෙන්නේ..

image

දැන් මොකද කරන්නේ.....
Viewing all 3679 articles
Browse latest View live